Chapter 20

622 159 33
                                    

එයාව හොදටම වෙව්ලනවා..

මෙච්චර බය වෙලා ඉන්න එයාව තවත් කෑගහලා බය කරන්න ඕනි නැති හින්දම මම මගේ කේන්තිය පාලනය කරගත්තා..

මේ මොකද මේ..

හහ්..පුංචි හා පැටියෙක් වගේ..මගේ ඉන වටේට අත දාලා ඇස් දෙකත් පියාගෙන මාව තවත් තදින් බදාගෙන ඉන්න එයාව දැක්කම මගේ මුනේ පුංචි හිනාවක් ඇදුනේ නිතැනින්මයි..

මගේ මැණික..අද උඹට මොනවහරි වුණානම් මම ජිවත් වෙන එකක් නැ රත්තරං..ආයෙනම් මේ වගේ මෝඩ වැඩ කරන්න හිතන්නවත් එපා..

කටින් කියනන බැරි ටික මම මගේ හිතින් මිමිණුවේ එයාව මගේ පපුවට තවත් තුරුල් කරගන්න ගමන්..

"මෙලෝ සිහියක් නැනේ..පාරක යන්නවත් දන්නවා කියලද..තරුණ පරම්පරාව ඔහොමමයි..මොකක්හරි ගෑණු ළමයෙක්ගේ හුටපටයක් ඇති.."

වටේ පිටේ අය එක එක ඒවා කියනකොට මට හොද දෙකක් කියන්න හිතුනත් ඒත් එක්කම වගේ මට තුරුල් වෙලා හිටපු ඒන්ජල් මගෙන් ගැලවෙන්න දැගලුවේ මගේ අවධානය ඒ පැත්තට යනකොට..

මුණත් බෙරි කරගෙන මගේ අත දෙකෙන් ගැලවෙන්න හදන එයාව දැක්කම මට හිතුනෙම ඒ චුටි රතු පාට තොල් දෙක නැතිවෙලා යනකන්ම උරන්න වුණත් විනාඩියකට එහෙම හිතුවමත් මගේ හැගීම් පණ ගහනවා දැනෙනකොට මං හෙමින් හෙමින් එයාව මගෙන් ඈත් කරා..

මගෙන් ගැලවිලා එහාට වුනු එයා ඔලුව උස්සලා මගේ දිහා බලලා ඇස් දෙක ලොකු කරගත්තේ එයා නොදැනුවත්වම ඒ චුටි තොල් දෙක චුට්ටක් ඈත් වෙද්දි..තවත් මෙතන මෙහෙම හිටියොත් මොනවා වෙයිද දන්නැ කියලා හිතුන හින්දම මම ටක්ගාලා එයාව හෙවණකට එක්කන් ගිහින් එතනම ඉන්න කියලා පාරේ යන ටැක්සියක් නවත්තලා එයාව එක්කගෙන ඇවිත් ටැක්සියට නග්ගවලා ඩ්‍රයිවර්ට එයාගේ ගෙදර තියෙන තැන ගැනත් කියලා දොර වැහුවේ එයා තාමත් වචනයක්වත් කියාගන්න බැරුව මං දිහා බලන් ඉද්දි..වැහුනු දොරට යන්තම් ඔලුව වනලා යන්නම් කියලා මං එතනින් ආවේ ආයේ එයා දිහා බලන්නේ නැතුවම වුණත් මං දැනගෙන හිටියා එයා බලන් ඉන්නේ මං දිහා කියලා..

Flashback end

එදායින් පස්සේ හැමදාම එයා යන යන තැන් වල පස්සෙන් ඇවිත් එයාට හොරෙන් එයා දිහා බලන් ඉන්න පුරුදු වෙලා හිටපු මට ඒන්ජල්ගේ හිතෙත් ඉඩක් හැදෙයි කියලා මං නිකමටවත් හිතලා තිබ්බේ නැති වුණත් ඒක එහෙම වෙලා තිබුණා..

මුණ පිච්චිලා තියෙන්නේ කියලා කිව්වත් ඒ හිතුවක්කාරයව මම හෙටත් බලාපොරොත්තු වෙනවා කියලා එයා ගිය හැටි මතක් වෙනකොට මට දැනුනේ කියාගන්න බැරි සතුටක්..එයා ලස්සනයි..ඒ වගේම වචනෙන් විස්තර කරන්න බැරි තරම් එයාගේ හිතත් ලස්සනයි..මගේ ඒන්ජල්..ඔයා ඉස්සරත් ඒ වගේමයි මැණික..ඔයාට මොන දේ අමතක වෙලා තිබුණත් ඔයාට ඔයාගේ හොද ගතිගුණ අමතක වෙලා නැති එක ගැන මට හුගක් සතුටුයි රත්තරන්..

ඒත් ඒක එහෙමනම් ඒන්ජල්ගේ හිතේ ඉන්න මම නම්..ඒන්ජල් දන්න උස කොල්ලවනම්...එතකොට එතකොට එයාට මොකද වෙන්නේ..ආයේ කවදාවත් ඒන්ජල්ගේ ජිවිතේට එයාට ඉඩක් නැතිවෙයිද..එතකොට මෙච්චර කල් මං කරපු දේවල් වල​ට මොකද වෙන්නේ..ඒන්ජල් කවදාහරි එයාව පිලිගනීද..ඒන්ජල් විශ්වාස කරයිද එයා ඒන්ජල් වෙනුවෙන් අවුරුදු ගානක් බලන් හිටියා කියලා..

එහෙම නැත්තම්....

එහෙම නැත්තම්...

බීබී ට හැමදාම හැංගිලා ඉන්න වෙයිද..

"හ්ම්ම්.."

බීප්..බීප්..බීප්..

"හ්ම්..එයා ගෙදර ගිහින්.."

ඒ මැසේජ් එක ආවේ එයාගේ ගෙදර සිකුරිටිගෙන් වෙනකොට මම ලොකු හුස්මක් අතැරලා බංකුවෙන් නැගිට්ටා..

තව දවස් දෙකයි...




To be Continued...

🎂 කතාව කියවන හැමෝටම ගොඩක් ස්තුතියි ❤️

Axian

𝐘𝐨𝐮𝐫 𝐞𝐲𝐞𝐬 👀 [Yizhan Completed]✔️Where stories live. Discover now