එයාගේ ජිල් බෝල වගේ දිලිසෙන ඇස් මගේ මූණ ලගටම ගෙනල්ලා එහාට මෙහාට යව යව මගේ ඇස් දිහා බලනකොට මම මාස්ක් එක දාලා නොතිබ්බනම් ඒ උණුසුම් සුසුම් මේ සීතලේ මගේ මූණටම වදින්න තිබුණා..
"ඇයි ඔයා මාස්ක් එක ගලවන්නේ නැත්තේ..ඔයාගේ මූණ බලන්න බැරි තරම් කැතයිද.."
කටත් උල් කරගෙන එයා එහෙම අහනකොට මගේ ලොකු කෙල ගුලියක් ගිල්ලා..
"ඕ...ඔ..ව්..මේ..ම..මගේ මූණ පි..පිච්චිලානේ තියෙන්නේ..ඔව්..ඔව්..පිච්චිලා..හු...හුගක් පිච්චිලා.."
යන්තම් ගොත ගහගහ බොරුවක් කියලා මං අහක බලාගත්තත් ඒ ඇස් නම් මගේ මූණ පුරාවටම ගියා කියලා මං හොදටම දැක්කා..
"හ්ම්ම්.."
සුසුමක් හෙලපු එයා මුහුද දිහා බලාගන්නකොට මම එයා දිහා බැලුවා..
"ඒන්ජල් මං ඔයාට කතාවක් කියන්නද..."
එයා ආයෙත් කල්පනා කරන්න පටන් ගත්ත හින්දා මම ඉක්මනට එයාගේ අවධානය වෙනස් කරන්න හිතාගෙන එහෙම කිව්වේ මගේ කටහඩට එයා මං දිහා ඔලුව හරවලා බලද්දි..
"දන්නවද කාලෙකට කලින් මාත් එක්ක හිටියා කෙනෙක්..මගේ හුස්මටත් වඩා මම එයාව දන්නවා..ඒ වගේම මගේ ඇස් පියක වෙනස වුණත් එයා දන්නවා..ඒ තරමටම අපි අපිට ළගයි.."
එයා මං දිහා බලන් ඉන්නවා ඇරෙන්න එපා කිව්වේ නැති හින්දා මම කතාව කියන්න පටන් ගත්තා..
"ඔයා දන්නවද ඒන්ජල්..එයා පුංචි කාලෙ ඉදලම හුගක් ලස්සනයි..කියුට් බෝල ගෙඩියක්..මට යන්තම් මතකයි මගේ මමා මාව එයාලගේ ගෙදර එක්කන් යනවා..එයාව බලන්න..පුංචි ටෙඩි බෙයා කෙනෙක් වගේ චුටි රෙදි ගොඩක ඔතලා එයාගේ චුටි ඇස් පියාගෙන හිටපු විදිහ මට අදටත් මතකයි..එයා ටික ටික ලොකු වෙනකොටත් මමයි එයා ළග හිටියේ..චුටි අතපය ගස ගසා බෝල කම්මුල් පුම්බගෙන හයියෙන් කෑගහනවා..එයාට හුගක් සතුටුයි මාව දැක්කම..එයාගේ මමා මාව හැමවෙලේම එයාලගේ ගෙදර තියාගත්තා.."
මං කියන ගමන් එයා දිහා බලනකොට දැක්කේ එයාගේ ඇස් වල වෙනසක්..මං දන්නැ ඒ ඇයි කියලා..
YOU ARE READING
𝐘𝐨𝐮𝐫 𝐞𝐲𝐞𝐬 👀 [Yizhan Completed]✔️
Fanfictionඇස්... ඔව් ඔය ඇස් මට මාවම අමතක කරවපු මට මාවම මග ඇරවපු මාව මා තුලම යදම්ලූ.. ඔය ඇස් දැන් මේ හිනාවෙන්නේ.. මගේ හද ගැස්ම රැදිලා තියෙන්නේ ඔය ඇස් අස්සේම බව දැනගෙන නේද.. සත්තකින්ම ඔව් මේ පපුවේ ගැස්ම ඔය ඇස් ම විතරක් නිසාම.. මම රකිනවා මගේ ඇස් තරමට ම ඔය ඇස්...