Chapter 26

1.1K 186 121
                                    

Zhan's pov

"මට සමාවෙන්න මගේ අයියේ.."

ඇස් වලින් වැටෙන කදුලු පිටි අත්ලෙන් පිහින ගමන් මං දිහා නොබලා එයා ඔහේ මුහුද දිහා බලද්දි ඒ නළල උඩ මගේ දෙතොල් තද කරලා ඒ සුවදින් මුළු හදවතම පුරව ගත්තු මම හදවතේ පුංචිම කොනකවත් ඒ හිතුවක්කාර ඇස් වලට වෛරයක් නොතියා එන්න හැරුනා..

අමාරුයි..දරාගන්න බැරි තරම් අමාරුයි..ඇත්ත දැනගෙනත් මට මගේ ආදරේ මගේ කරගන්න බැරිවුනා..මෙච්චර කාලයක් එයා ඉදලා තියෙන්නේ මගේ ළගමයි..මෝඩයෙක් වගේ හැමදේම අමතක වුනු මම මෙච්චර දවස් තිබ්බ ලස්සන මතක පුරවගෙන තියෙන්නේ එයා කියලා නොදැන කියලා මතක් වෙද්දි පපුව පැලෙන්න තරම් වේදනයි..ඒත් දැන් පරක්කු වැඩියි..මමාලා කවදාවත් එයාට කැමති වෙන්නේ නැ..මං දන්නවා මමා කොහොම වුණත් පපා කවදාවත්ම කැමති වෙන්නේ නැ..ඉතින් තේරුමක් නැ බලාපොරොත්තු තියාගෙන..අද රැයින් පස්සේ හැමදේම වෙනස් වෙයි..හැමදේම..

එයා එතනම ඉද්දි මම ඇන්ද එයාගේ චිත්‍රය එයාටම දීලා ගෙදර ආවේ හිත හොදටම පාරවගෙන..

"ජාන්..බබා..අද පාටියක් තියෙනවා රෑ..ඔයා දන්නවනේ..දැන් අපි යන්න ඕනි..කෝ ගිහින් ලෑස්ති වෙන්නකො.."

මම ගෙට ගොඩවෙනකොටම මමා කිව්ව වචන මගේ දුක තවත් පෑරුවා වෙනකොට මම කාමරේට ගිහින් පාටියට යන්න ඇදුමත් ඇදගෙනම ගෙදරින් එලියට බැස්සේ ගෙදර ඉන්න තරම් හොද මනසක් තිබ්බේ නැති හින්දා..

ඔලුව පැලෙන්න වගේ රිදෙනවා..ඊයේ මුළු රෑම අඩලා ඇස් දෙකත් රිදෙනවා..ඒ අස්සෙන් ඇගත් රිදෙන්න ගත්තේ මැරුනනම් හොදයි කියලා හිතෙන තරමට මහන්සියක් දැනෙනකොට..

Dream Coffee Shop

අද පාටිය තියෙන්නේ මෙතන..මං හේතුවක් දන්නැ..මමා කිව්වේ මෙතන කියලා..වෙලාවකට පුදුමත් හිතෙනවා..මමාලා හොටෙල් එකක නැතුව මේ වගේ තැනක පාටියක් ගන්නවා කිව්වම..මට වැඩක් නැ ඒ මොනවා වුණත්..

කොෆි ෂොප් එක ඇතුලට ගියපු මම VIP ඒරියා එකට ගිහින් සෝෆා එකක ඉදගෙන ඔලුව තියාගත්තේ ඔලුව පැලෙන්න තරම් රිදෙන හින්දා වෙනකොට හවස 6 ඉදන් එක්කෙනා දෙන්නා ඇවිත් VIP ඒරියා එකත් පිරුනේ මට එතන ඉන්න එකත් එපා කරවලා..

𝐘𝐨𝐮𝐫 𝐞𝐲𝐞𝐬 👀 [Yizhan Completed]✔️Where stories live. Discover now