Chapter 07

779 199 50
                                    

Weekend Morning

"මමා..මං යනවා.."

මම පහළට බහින ගමන් හයියෙන් ම කෑගැහුවේ අද නිවාඩු දවසක් වුණත් පපා ගෙදර නැ කියලා දන්න හින්දා..

"බබා..ඔයා කොහෙද යන්නේ..ඔයා රෙස්ට් කරන්න ඕනි ජාන්.."

"අයියෝ මට ඇති අසනීපයක් නැ මමා..ඊයේ කාලා නැති නිසානේ කලන්තේ දැම්මේ.."

"කාලා නැති හින්දා..? ආහ් ඔව් ඔව්..දැන් කියන්නකො ඔයා කොහෙද යන්නේ කියලා.."

"මම බින්ව හම්බෙන්න යන්නේ..අද ඌට මොකක්ද වැඩක් තියෙනවා කියලා යමු කිව්වා.."

"හරි දෙන්නත් එක්ක පරිස්සමෙන් ගිහින් එන්න ඕනි එහෙනම් හොදේ..එහේ මෙහෙ යන්නේ නැතුව වැඩේ ඉවර වුනාම ගෙදර එන්න..තේරුණාද.."

"හරි මමා..මං පුංචි ළමයෙක් නෙවෙයිනේ..අනික මං කොල්ලෙක්.."

"ඒ පණ්ඩිතකම් වැඩක් නැ..කිව්ව විදිහට කරන්න.."

"හරි හරි..බායි මමා..මං යනෝ.."

"බායි ස්වීට්හාට්..ටේක් කෙයාර්.."

At Dream coffee shop

බිනාටත් මැසේජ් එකක් දාලම මං මෙහෙට ආවේ බැරිවෙලාවත් මමා බිනාට කතා කරොත් ගිය ගමන ගැන අහුවෙන හින්දා..

එදා ෂොප් එකට යනකොට දැණුනු හැගිම වෙනසක් නැතුවම අදත් දැනෙනකොට ඒ කෝපි සුවදට ඉව අල්ලන ගමන් ම මම හෙමීට දොර ඇරගෙන ඇතුළට ආවා..අද ආවේ කෝපි බොන්න නෙවෙයි නිසා හිස් මේස තිබ්බත් මං ඒ හැම එකක්ම පහු කරලා එදා අර චිත්‍රය එල්ලලා තිබ්බ තැනට ගියේ අද ඒකේ ෆොටෝ එකක් අරගෙන මමාට පේන්නේ නැතිවෙන්න ඒක තියාගන්න ඕනි කියන එකත් මතක් කරන ගමන් වුණත් මගේ ඇස් දෙක ලොකු වුනේ ඒ චිත්‍රය එදා තිබුණු තැන අද නැතිවෙද්දි..

"මේක..මේක මෙතන නේ තිබ්බේ..මෙතන තමයි..ඒත් කෝ දැන් ඒක..වෙන තැනක...වෙන තැනකත් නැ..මෙතනමයි තිබ්බේ මට මතකයි..මෙතන තමා.."

එදා තිබුණු තැන ඒ චිත්‍රය අද නැතිවෙනකොට මම කලබල වුණා වගේම ෂොප් එක වටේටම ඇස් ගෙනිච්චේ බැරිවෙලාවත් ඒක වෙන තැනකවත් එල්ලලද කියලා බලන්න වුණත් ඒ චිත්‍රයේ හුළගක්නත් කොෆි ෂොප් එකේ නැතිවෙනකොට මට පිස්සු හැදුනේ නැතුවා විතරයි..

𝐘𝐨𝐮𝐫 𝐞𝐲𝐞𝐬 👀 [Yizhan Completed]✔️Where stories live. Discover now