Chapter 25

640 155 33
                                    

දවසේ වැඩ ටිකත් ඉවර කරගෙන ටිකක් හවස් වෙන්න කිට්ටු වෙලා ආපහු අපාර්ට්මන්ට් එකට ගියපු මං ඒන්ජල්ට මැසේජ් එකක් දැම්මේ එයා ගෙදර ගියාද කියලා දැනගන්න වෙනකොට එයාගෙන් ආව රිප්ලයි එක දැකපු මම පුදුම වුණා..

"මම තාම ඉන්නේ බීච් එකේ..ඔයා එනකන්.."

ටක්ගාලා සුදු අත් දිග හයිනෙක්ටීෂර්ට් එකට සුදු ඩෙනිම දාගෙන ශුයාට කියලා අපාර්ට්මන්ට් එකට ගෙන්න ගත්ත බයික් එකට නැගලා මං වේගෙන්ම බීච් එකට ආවේ මෙච්චර වෙලා යනකන් මොනවා කරනවද කියලා හිත හිතමයි..

"ඒන්ජල්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


"ඒන්ජල්..මෙච්චර වෙලා මොනවා කරාද මෙතනට වෙලා.."

"මුකුත් නැ..බලන් හිටියා.."

කලින් වගේම බංකුවේ වාඩි වෙලා මුහුද දිහා බලන් හිටපු එයාගේ කටහඩ අද වෙනදට වඩා අමුතු වෙලා තිබ්බා වගේම මම එයාට එහා පැත්තේ ඉදගත්තේ මාස්ක් එක දාලා තිබුණු මගේ මුණ පැත්තට එයා එයාගේ මුණ හරවගන්නකොට..

"අපි චිත්‍රයක් අඳිමුද.."

බෑග් එක ඇදලා කොලයක් අතට ගත්තු එයා මට ඒක දික් කරලා එහෙම කියනකොට ටික වෙලාවක් ඒ ඇස් දිහා බලන් හිටපු මම යන්තමට ඔලුව වනලා ඒ කොලේ අතට ගත්තේ මට ඒ ඇස් වල තිබුණු හැගීම් කියවගන්න බැරිවුන හින්දා..

අද වෙනස්..එයාගේ ඇස් පවා අද වෙනස්...!

එයාගේ දශමෙක වෙනසත් මං හොදින්ම දැනගෙන හිටියා වෙනකොට අද මෙහෙම ඉන්න හේතුව මොකක්ද කියලා එයාගෙන් අහන්න ඕනි වුණත් ඒක ටිකකට කල් දැම්මේ එයාටම හිතිලා ඒක මට කියයි කියලා මොකක්දෝ හේතුවකට මට හිතුන නිසයි..

එයාගේ බෑග් එකේ කාඩ්බෝඩ් කෑලි දෙකක් වගේම චිත්‍ර අදින් ඕනි බඩු ගොඩක් තිබ්බා වෙනකොට අපි දෙන්නා පොඩි එවුන් දෙන්නෙක් වගේ බිම ඉදගෙන චිත්‍ර ඇන්දා වුණත් මගේ ඇස් නම් සැරින් සැරේට එයාට යොමු වුනේ අද එයාගේ මේ නිහඩ බව දරාගන්න බැරිවුන හින්දා..

𝐘𝐨𝐮𝐫 𝐞𝐲𝐞𝐬 👀 [Yizhan Completed]✔️Where stories live. Discover now