Yibo's p.o.v.
ගෝඩ්..අනේ ඔහොම බලාගෙන ඉන්න එපා ඒන්ජල්..මට මෙතනම ඔයාව කිස් කරන්න හිතෙනවා..
ඕ ශිට් යීබෝ මොනවද ඔයා මේ හිතන්නේ..මේ පුංචි හොල්මන තාම ඔයාව දන්නෙවත් නැ..ඔය කෙහෙල්මල් කරන්න ගිහින් කොල්ලව නැති කරගන්නවකො ආයෙමත්..
ඒත් බං මේ බෝල ඇස් ලොකු කරගෙන රතු පාට චුටි තොල් දෙකත් ඈත් කරගෙන මෙහෙම බලාගෙන ඉද්දි කොහොමද යකෝ ඉවසන් ඉන්නේ..
මෙච්චර කල් කරපු දේවල් අපතේ යන්න දෙන්න එපා යීබෝ..
"බව්..බව්..බව්.."
"අනේ...අනේ්..."
"ආාාව්ව්..."
මම තනියම මගේ හිතත් එක්ක එයාව කිස් කරනවද නැද්ද කියලා හිතලා රණ්ඩු කර කර ඉන්නකොට එකපාරට ම බල්ලෙක් බුරන සද්දයක් ඇහුනේ එයා ආයෙත් බය වෙලා මගේ අත හයියෙන් අල්ලගන්නකොට..ඒත් එක්කම එයා මගේ අත තද කරලා අල්ලගත්ත හින්දා මගේ අතේ තුවාලේ පැරිලා ලේ වැක්කෙරෙන්න පටන් ගත්තේ ඒ වේදනාවට මට කෑගැහෙද්දි..
බල්ලෙක් බුරනවා ඇහුනට ළග පාත බලු නැට්ටක්වත් පේන්න නැති හින්දද කොහෙද බයෙන් බයෙන් වටපිට බල බල හිටපු එයා එකපාරට ම මං දිහා බැලුවේ මගේ සද්දෙට බය වෙලාද කොහෙද..
"ඇ..ඇයි ඔයා කෑගහන්නේ.."
එයා ඇහුවත් උත්තරයක් දෙන්න තරම්වත් පණක් නැ වගේ දැනුනේ එයා අල්ලපු පාර මුළු අතම මිරිකිලා ලේ වැක්කෙරෙන හින්දා..
"අ..අනේ...මේ...මේ..මො..ක..ද..දෙයියනේ මේ..මේ..ලේ...ඇයි..මොක්කද වුනේ.."
මගේ මුණ වෙනස් වෙනවා දැකලද කොහෙද එයා මං දිහා බලන් ඉදලා එකපාරට ම එයා මගේ අත දිහා බලලා බය වුනේ එයාගේ අත් දෙකේමත් ලේ ගෑවිලා තියෙද්දි..
"මොකක්ද වුනේ..කොහොමද මෙච්චර තුවාල වුනේ..අනේ ගොඩක් රිදෙනවද ඔයාට.."
ඒ බෝල ඇස් වල එක තත්ත්පරේට කදුලු පුරවගෙන එයා අහනකොට මගේ වේදනාවත් දැනෙන්නේ නැති තරමට ඒ රෝස පාට වෙලා තිබ්බ කම්මුල් දිහා බලන් හිටියේ හරි ආසාවෙන්..
ඉබින්නමයි හිතෙන්නේ..
"පොඩ්ඩක් ඉන්න..මං..මං..ඉක්මනට එන්නම්..නැ යන්කෝ..ඔයත් යමු..එන්න.."
YOU ARE READING
𝐘𝐨𝐮𝐫 𝐞𝐲𝐞𝐬 👀 [Yizhan Completed]✔️
ספרות חובביםඇස්... ඔව් ඔය ඇස් මට මාවම අමතක කරවපු මට මාවම මග ඇරවපු මාව මා තුලම යදම්ලූ.. ඔය ඇස් දැන් මේ හිනාවෙන්නේ.. මගේ හද ගැස්ම රැදිලා තියෙන්නේ ඔය ඇස් අස්සේම බව දැනගෙන නේද.. සත්තකින්ම ඔව් මේ පපුවේ ගැස්ම ඔය ඇස් ම විතරක් නිසාම.. මම රකිනවා මගේ ඇස් තරමට ම ඔය ඇස්...