එයා එයාගේ යාලුවත් එක්ක ඉන්න හින්දා මම එතනින් නැගිටලා ආවේ කොහොමත් අද කලින් ගෙදර යනවා කියලා දන්න හින්දා..අද මගේ දවසෙන් භාගයක් ම එයාට දීලා තියෙනකොට තවත් ඉන්න බැරි හින්දම මම මං වැඩ කරන තැනට ගියේ ඒන්ජල් ගෙදර ආවට පස්සේ මට කොහොමත් දැනගන්න ලැබෙන හින්දා..
එදායින් පස්සේ දවස් ගානක්ම මට එයාව බලන්න යන්නවත් වෙලාවක් නැතුව වැඩ වැටුනේ එයත් ආයේ අහම්බෙන්වත් මගේ ඉස්සරහට නැවිදින් ඉන්නකොට...
සති අන්තේ නිවාඩුව දවසේ එයාව බලන්න එයාගේ ගේ ළගට යන්න හිතාගෙන ටවුන් එකට ආව මම දැක්කේ හුරුපුරුදු රූපයක්..
ඒන්ජල්..
අද නිවාඩු දවසේ මේ උදේම මෙයා තනියම කොහේ යනවද..
එයාගේ පස්සෙන් යන්නේ කොහෙටද කියලා ගියපු මම දැක්කේ එදා ගියපු කොෆි ෂොප් එකටම යන මගේ පුංචි ඒන්ජල් වෙනකොට මට හිතාගන්න බැරිවුණා මේ උදේ පාන්දර කෝපි බොන්න තරම් තියෙන වුවමනාව මොකක්ද කියලා..
එදා තරම් අද සෙනග නැති වෙනකොට මමත් ගිහින් හිස් ටේබල් එකකින් ඉදගෙන වටපිට බැලුවේ එයා කොතනද ඉන්නේ කියලා දැනගන්න වුණත් කිසිම මේසෙක ඉදගන්නේ නැතුව බිත්තියක් ළග හිටගෙන ඉන්න එයාව දැක්කම මට ඇත්තටම පුදුම හිතුණා..
මෙයා මේ මොන මගුලක් කරනවද මේකට ඇවිත්..
එතනින් ගියපු වේටර් කෙල්ලෙක්ව අල්ලගෙන අත දික් කර කර මොනවදෝ කියන එයා දිහා මං බලන් හිටියේ මගේ සන්ග්ලාස් ගලවගෙනමයි..
රවනකොටත් හුරතල්..මගේ පිස්සු හොල්මන..
කෙල්ල මොනවදෝ කියලා එයාව ටේබල් එකකින් ඉන්දවලා ගියාට පස්සේ එයා මේසෙට රව රව හිටියේ ටික වෙලාවකින් එයාගේ ඕඩර් එක එනකොට..
වේටර් කොල්ලෙක් මේසේ උඩින් ට්‍රේ එක තිබ්බත් එයා මේ ලෝකේ සිහියක් නැතුව ඔහේ බලාගෙන කෝපි එක තොලගාද්දි මම බලන් හිටියේ කෝපි එකේ රස්නෙට රතු පාට වෙන ඒ චුටි තොල් දෙක දිහා..
කෝපි උගුරක් බීලා එකපාරට ම කෝපි එක දිහා බලපු එයා ට්‍රේ එකේ තිබ්බ කේක් කෑල්ල දිහත් බලලා තාමත් එයා ළග හිටගෙන ඉන්න වේටර් කොල්ලා දිහා බලලා මොනවදෝ ඇහුවේ ඇස් දෙක රෝල් කරගෙන තරහෙන් වගේ..
මේක නම් පුංචි ඒන්ජල් කෙනෙක් නෙවෙයි.පුංචි ඩෙවිල් කෙනෙක්ද කොහෙද යීබෝ..
මගේ හිත මට කිව්වේ මම ඒ රතු වුණු මුණ දිහා බලාගෙන ඉද්දි..
කොහොම වුණත්..කොයි විදිහේ වුණත්..
එයා ලස්සනයි..
ඒන්ජල්..
මගේ ඒන්ජල්...
එයා එනකන් මුකුත් ඕඩර් නොකර මෙතන ඉන්නත් බැරි හින්දා කවුරුත් මාව දකින්න කලින් මම ඉදගෙන හිටපු තැනින් නැගිටලා එලියට ගිහින් කොෆි ෂොප් එක පේන තැනකින් හිටගත්තේ ආපහු මගේ සන්ග්ලාස් දාගන්න ගමන්..
ටික වෙලාවකින් එයා එලියට එනවා දැකපු මම එතනම හිටගෙන බලන් හිටියේ එයා කොහොමත් මෙතන පාස් කරලා යන හින්දා..
ඒත් බිම බලාගෙන මොනවදෝ තනියම මුණු මුණු ගගා ආව එයා පාරේ එන්නේ අවධානෙකින් නෙවෙයි කියලා මට තේරුන ගමන්ම මට එයා ළගට යන්න ඕනි වුණා..
එයාගේ ළගටම යන්න අඩි දෙක තුනක් තියලා එකපාරට ම ලොකු හෝන් එකක සද්දයක් ඇහුනේ මම එහෙමම පිටිපස්ස හැරිලා බලද්දි..
දෙයියනේ වේගෙන් එන බයික් එකක්..
මං වගේම ෆුල් ස්පීඩ් එකේ එන කොල්ලෙක්ගේ බයික් එකක් දැකපු මම සැකේට එයා දිහා බැලුවම දැක්කේ ඒක එන්නේ එයාගේ පැත්තට කියලා..කිසිම සිහියක් නැතුව එන එයා මේක කොහොමත් දකින්න විදිහක් නැ කියලා හිතුවත් හෝන් සද්දෙට හරි සිහියට ඇවිත් හිටපු එයා එයාගේ ඇගට එන බයික් එක දිහා බලන් හිටියේ ඇස් දෙකත් ලොකු කරගනෙ හොදටම බය වෙලා..
බය වෙලා අත්දෙකෙන් කන් දෙක වහගෙන බිමට නැමෙන්න හදන එයා ලගට මං දුවගෙන ගිහින් එයාව අතින් ඇදලා ළගට ගත්තෙත් බයික් එක වේගෙන් අපිව පාස් කරගෙන යන්න ගියෙත් එකම එක තත්ත්පරේක වෙනසකින් වෙනකොට මම තව මොහොතක් පරක්කු වුනානම් මගේ ඇස් ඉස්සරහම මගේ ඒන්ජල් ව මට නැතිවෙනවා නේද කියලා මතක් වුණාම මාව සීතල වෙලා මුළු ඇගම වෙව්ලුවා..
එයා බය වෙලා..
To be Continued...
🎂 කතාව කියවන හැමෝටම ගොඩක් ස්තුතියි ❤️
Axian
ВЫ ЧИТАЕТЕ
𝐘𝐨𝐮𝐫 𝐞𝐲𝐞𝐬 👀 [Yizhan Completed]✔️
Фанфикඇස්... ඔව් ඔය ඇස් මට මාවම අමතක කරවපු මට මාවම මග ඇරවපු මාව මා තුලම යදම්ලූ.. ඔය ඇස් දැන් මේ හිනාවෙන්නේ.. මගේ හද ගැස්ම රැදිලා තියෙන්නේ ඔය ඇස් අස්සේම බව දැනගෙන නේද.. සත්තකින්ම ඔව් මේ පපුවේ ගැස්ම ඔය ඇස් ම විතරක් නිසාම.. මම රකිනවා මගේ ඇස් තරමට ම ඔය ඇස්...