CHAPTER 02 🌕

490 61 2
                                    

වෙලාව රෑ 9 පහුවෙලා විනාඩි ගානකුත් ගත වෙලා තිබුන නිසාමද මන්දා ජේජූ ටවුන් එකම සුපුරුදු අන්ධකාරයෙන් වැහිලා තිබුනා. ඉඳලා හිටලා යන වාහනයක් දෙකක් ඇරුනම මේ වෙලාවේ ටවුන් එකේ කවුරුත්ම නැති තරම්. අවුරුදු 20ක ඉඳන් වෙන අභිරහස් මරණ නිසාම ජේජු වල ජීවත් වෙන හැම කෙනෙක්ම වගේ පුරුදු වෙලා හිටියෙ වේලාසන ගෙවල් වලට ගිහින් තමන්ගේ පවුලත් එක්ක කාලය ගත කරන්න.

ජේකේ හිටියෙ බීච් එක අයිනෙ මින්ජී, සෑන් දෙන්නත් එක්ක එකතු වෙලා බියර් එකක් බොනගමන්. උදේ හොස්පිට්ල් එකෙන් දීපු රිසාල්ට් එක දැකපු වෙලාවේ ඉඳන් ජේකේ හිටියෙ ඔළුව විකාර වෙලා. ඩොක්ටර් ජින්
කියපු දේවල් විශ්වාස කරනවද නැද්ද ඒවයෙ ඇත්ත බොරුව මොකක්ද කියන එක ජේකේට හිතාගන්න බැරි වුනා. කලින්ම ඩියුටි ඕෆ් වෙලා ජේකේ මින්ජි සෑන් දෙන්නත් එක්ක බීච් එකට ආවේ ටිකක් රිලැක්ස් වෙන්න කියලා හිතාගෙන.

කාර් එකේ බොනට් එක උඩ ඉඳගෙන බියර් කෑන් එක කට ගහන් බොන ගමන් ඉදපු ජේකේ බියර් එක බොනට් එක උඩින් තියලා බිමට බැස්සේ දකුණු අතේ තිබුන සිගරට් එක තොල් අතරින් තියාගන්න ගමන්.
ඒත් එක්කම ⁣මින්ජිත් නැගිටලා ඇවිත් සෑන් දීපු සිගරට් එක ඉහලට ඇදලා දුම පිට කලේ ජේකේ මින්ජිගෙ පැත්තට හැරෙද්දි.

" ඩොක්ටර් කියපු දේවල් උඹ විශ්වාස කරනවද? "

ජේකේ අහද්දි මින්ජි සිගරට් දුම පිට කරන ගමන්ම ඇස් දෙක හීන් කරලා ජේකේ දිහා බැලුවේ ජේකේ සීරියස් බැල්මකින් මින්ජි දිහාම බලාගෙන ඉද්දි.

" පොතේ හැටියට නම් කොල්ලා බොරුවක් කියනවා වෙන්න බෑ. එයා පෙන්නපු දේවල් එක්ක ඒවා එකකට එකක් ගැලපෙනවා කියලා හිතෙන්නේ නැද්ද? නියපොතු පාරවල්, එතකොට බොඩි එක ඩැමේජ් වෙලා තිබුන විදිය එහෙම? "

" ඇයි එතකොට කලින් ඕවා නෝට් උනේ නැත්තෙ අපිට? "

" අවුරුදු දෙකක් තිස්සේ අපි මොනවද කලේ ජේකේ? මේ අවුරුදු දෙකට උන හැම මර්ඩර් එකකදිම අපි කැළේට යනවා බොඩි එක බලනවා හොස්පිට්ල් එකට භාර දෙනවා. Postmortem රිසාල්ට් එක බලනවා. ආපහු ෆයිල් එක අර අවුරුදු 20ක ඉඳන් වෙන අභිරහස් මරණ ලිස්ට් එකට දානවා. එච්චරයිනෙ? Postmortem එක කරන ඩොකා උනත් ඕක දිහා උනන්දුවෙන් බලන්නෙ නැතුව ඇති. ඒකනෙ නෝට් වෙලා නැත්තෙ. හැම දේකම අගේ තියෙන්නේ මුල් කාලෙ විතරයිනෙ. අවුරුදු ගානක ඉඳන් එකම දේ දැකලා දැකලා හැමෝටම ඒ ගැන උනන්දුව අඩු උනා.
අනිත් එක හැමෝම හෙව්වේ සීරියල් කිලර් කෙනෙක් මිසක් වොල්ෆ් කෙනෙක් නෙවෙයි "

RED MOON [ JJK ] Completed Where stories live. Discover now