CHAPTER 13 🌕

293 52 20
                                    

ඒජින් ටික වෙලාවක් බලාගෙන හිටියෙ දොර අරිනවද නැද්ද කියලා කල්පනා කරන ගමන්. ආපහු ඩෝ බෙල් එක ගේ දෙක වෙන්න තරම් සද්දෙන් වැදුනෙ මේ වෙලාවේ කිසිම සද්දයක් ගෙයි ඇතුලෙ තිබුනෙ නැති නිසා. ඒජින් සද්දෙ වැඩි නිසා යූනා නැගිටලා එයි කියන බයට ඉක්මනට දොර ඇරියා.
දොර ඇරපු ගමන් ඒජින්වත් තල්ලු කරගෙන ජේකේ ඇතුලට ආවේ ඒජින් දොර වහලා ජේකේගෙ පස්සෙන් දුවද්දි.

" යාාාා jungkook "

" කෝ යූනා "

" යූනා මොකටද ඔයාට. කරුණාකරලා එලියට යන්න jungkook. මොකද්ද මේ මහ රෑ නටන නාඩගම "

" ඒජින් මට මෙතන තමුන්ගෙ ප්‍රශ්න වලට උත්තර දිදි ඉන්න ඕනෙ නෑ. මට යූනාගෙ රූම් එක මොකක්ද කියනවා "

" මට බෑ මම කියන්නෙ නෑ "

ඒජින් ජේකේට ගස්සලා අහක බලාගත්තාම ජේකේ තරහෙන් පුපුර පුපුර ඒජින්ගෙ ඉස්සරහට ආවේ ඒජින් ආපහු ජේකේව මගෑරලා අහක බලාගනිද්දි.

" හරි එහෙනම් තමුන් කියන්නෙ නෑනෙ. මමම හොයාගන්නම් "

ජේකේ ඒජින්ව එහාට තල්ලු කරලා පඩිපෙළ දිගෙ උඩට ගිහින් ඉස්සෙල්ලාම තිබුන රූම් එකේ දොර ඇරලා ඇතුලට ගියෙ ඒජින් ජේකේගෙ පස්සෙන් ඇවිත් ජේකේව අතින් ඇදලා දාන්න ට්‍රයි කරද්දි. මහා මේරු පර්වතේ වගේ ඉදපු ජේකේ ඒජින්ගෙ ඇදිල්ලටනම් හෙලවුනේ වත් නෑ. ජේකේ හෙලවෙනවා වෙනුවට ඒජින්ව පස්සට විසිවෙන එකනම් උනා.

ජේකේ ඊලගට තිබුන රූම් එක ළගට ගිහින් දොර ඇරලා ඇතුලට ගිහින් එකපාරටම නතර උනේ ඇඳේ නිදාගෙන ඉදපු යූනාව දැකලා.
ජේකේගෙ පස්සෙන් ඒජිනුත් රූම් එකට ආවම ජේකේ ඒජින් දිහා බලලා ඒජින්ව ඇදගෙන ගිහින් රූම් එකෙන් එලියට දාලා දොර ඇතුලෙන් ලොක් කරගත්තා.

" මූ යකෝ කවුරු කියලද හිතන් ඉන්නෙ. යා මිස්ටර් jeon jungkook මේ දොර අරිනවා. "

ඒජින් සද්දෙට දොරට ගහන ගමන් කෑගැහද්දි ජේකේ ආපහු දොර ඇරලා ඔළුව විතරක් එලියට දාලා ඒජින් එක්ක කතා කලා

" මම තමුසෙගෙ යාළුවාව කන්නෙ නෑ ඒ නිසා මට පොඩි වෙලාවක් දෙනවා "

" ඒත්..."

ඒජින් ආපහු මොනහරි කියන්න කලින්ම ජේකේ දොර වහලා දැම්මෙ ඒජින් වේගෙන් ඇහිපිල්ලම් ගහලා පස්සට වෙද්දි.

RED MOON [ JJK ] Completed Where stories live. Discover now