CHAPTER 09 🌕

316 52 8
                                    

ඒජින් යූනාව ජේකේගෙ ගෙදර ඉඳන් ඇදගෙන ආපු වෙලාවෙ ඉඳලා මේ වෙනකන්ම එක දිගට යූනාට බැන්නා. යූනා ඇඳ උඩට වෙලා කකුල් දෙක අස්සෙ ඔළුව ගහගෙන ඒජින් කියන දේවල් අහගෙන ඔහේ බලාගත්ත අත බලාගෙන හිටියෙ වෙන කරන්න දෙයක් නැතිකමට. සැරින් සැරේ වූයොන් ඇවිලිලා ඒජින්ට දැන් ඇති කිව්වත් ඒජින් නෙවෙයි බනින එක නතර කලේ.

" උබ මට කියපන් මොනවද එහෙ ගිහින් උබ බලාපොරොත්තු උනේ? ජේකේ උබව දැකපු ගමන් ආනේ යූනා කියලා පිලිගනි කියලද? එතකොට උබේ ඉමෝ අනේ මගේ චූටි කෙල්ල ඇවිත් කියලා ආදරෙන් බදාගනි කියලද? ආහ් යූනා කතා කරපන් "

ඒජින් රූම් එකේ එහාටයි මෙහාටයි යන ගමන් කියලා යූනා ලගට ඇවිත් අතින් ඇද්දෙ යූනා තව ටිකක් ගුලිවෙද්දි.

" ඇති ඒජින් දැන් ඇති "

ඒජින්ගෙ කියවිල්ල ඉවරයක් වෙන්නේ නැති තැනම යූනා කන් දෙකම අතින් තද කරගෙන හයියෙන් කෑගැහුවේ ඒජින් එකපාරටම කට වහගනිද්දි.

" ඔව් ඔව් උබට ඔය කටේ සද්දෙ මට විතරයි. ඔය සද්දෙන්ම අර ජේකේටත් කෑගහන්න තිබුනනෙ. ඒකාගෙන් ගුටිකාලා ඇවිත් දැන් බොරුවට අඬන්නෙ "

" මොකක්ද ඒජින් දැන් නතර කරන්නකො ප්ලීස් "

යූනා අඬ අඬම ඒජින්ට කියද්දි ඒජින් කටවහගෙන ගිහින් යූනා ළගින් ඉදගත්තා. ඒජින් යූනාට කොච්චර කෑගැහුවත් ඒ කෑගහන්නෙම යූනාට තියන ආදරේ ලැදියාව නිසා. ඒජින් කැමති නෑ යූනට මොනා නිසාවත් රිදෙනවට. යූනා දුක් විඳිනවා බලන්න ඒජින්ට කිසිම වෙලාවක ඕනෙ උනේ නෑ. ඒජින්ට හිතුනා යූනාව එදා බලෙන් හරි සෝල්වලම නතර කරගත්තා නම් කොච්චර හොඳයිද කියලා. එදා මේ වගේ බැනලා නතර කරගත්තා නම් අද මේ වගේ දෙයක් වෙන්නේ නෑනෙ කියලා හිතුනා.

ඒජින් යූනාව එයාගෙ උරහිසට හේත්තු කරගෙන පිට අතගෑවේ යූනා ඒජින්ගෙ උරහිසට බර වෙලා ඇති වෙනකන් අඬද්දි

" මම උබට හැමදාම කියලා තියනවා නේද ඔයාගෙ පාලනෙන් පිට තියන දේවල් වෙනස් කරන්න හදන්න එපා කියලා. ජේකේ කියන්නෙ සම්පූර්ණ ඔයාගෙ පාලනෙන් පිට තියන දෙයක් එයාව වෙනස් කරන්න හදන්න එපා. ඒ ඉන්නෙ ඉස්සර ඉදපු ඔයාගෙ ගුකී නෙවෙයි. එයා දැන් ඔයාට වෙනස් කරන්න පුළුවන් කෙනෙක් නෙවෙයි. "

RED MOON [ JJK ] Completed Where stories live. Discover now