CHAPTER 20 🌕

292 44 9
                                    

යූනා නම්ජූන්ගෙ මැන්ශන් එකේ ඉඳලා ආපහු එයාගෙ සුපුරුදු අපාට්මන්ට් එකට ආවේ වූයොන් ඒජින් දෙන්නාගෙන් කවුරුත් නැතුව. ඒජින්ගෙන් ආපු හැම කෝල් එකක්ම කට් කරලා දාලා ෆෝන් එකත් ඕෆ් කරලා දැම්මෙ ඒජින්ගෙ වචන නිසා රිදුන හිත තාමත් හදාගන්න බැරි උන නිසා.
යූනා අපාට්මන්ට් එකට ඇවිත් සෝෆා එකේ හාන්සි වෙලා කල්පනා කරන්න ගත්තෙ ඊලගට මොකක්ද කරන්නෙ කියන එක ගැන. ජේකේව එයාගෙ අප්පගෙන් ගලව⁣ගන්නෙ කොහොමද? එයාට මේ දේවල් තේරුම් කරලා දෙන්නෙ කොහොමද? ඉස්සරහට මොන වගේ ප්‍රශ්න එයිද? ඔය වගේ ගොඩක් දේවල් යූනා කල්පනා කලා.
කල්පනාවෙ තරම කොච්චරක්ද කියනවා නම් යූනාට දන්නෙම නැතුව සෝෆා එකේම නින්දත් ගියා.

පැය දෙක තුනකට විතර පස්සෙ යූනා අහැරුනෙ එයාගෙ ගෙදර තිබුන පූල් එක පැත්තෙන් ආපු සද්දෙ නිසා. පූල් එකේ කවුරුහරි ස්වීම් කරන සද්දෙ යූනා සෝෆා එකේ හාන්සි වෙලාම ටික වෙලාවක් අහගෙන හිටියෙ ඇත්තටම එහෙම එකක් ඇහුනද කියලා තහවුරු කරගන්න.
යූනාට හොඳටම කවුරුහරි ස්වීම් කරන සද්දෙ ඇහෙද්දි යූනා එකපාරටම සෝෆා එකෙන් ඉඳගෙන බිත්තියේ තිබුන ඔරලෝසුව දිහා බැලුවේ මේ මහ රෑ පූල් එකෙ බැහැලා ඉන්නෙ කවුද කියලා හිතුන නිසා.
ඒජින් ආවත් කීයටවත් මේ ටයිම් එකට පූල් බහින්නෙ නෑ කියලා යූනා ⁣හොදටම දන්නවා. යූනා ටික වෙලාවක් පූල් එක තියන පැත්ත බලාගෙන ඉදලා කිචන් එකට දුවලා ගිහින් පිහියකුත් අරන් හිමි හිමින් පූල් එක පැත්තට ගියෙ ඉන්නෙ කවුරු උනත් මේකෙන් ඇනලා හරි බේරෙනවා කියලා හිතාගෙන.

යූනා පූල් එකට යන දොර හිමීට ඇරලා ඔළුව විතරක් ඇතුලට දාලා වටපිට බැලුවත් ඇතුලෙ කිසිම කෙනෙක් හිටියෙ නෑ. මෙච්චර වෙලා කවුරුහරි පූල් එකෙ හිටියා කියන්න පේන්න තිබුනෙ වතුර හෙලවුන එක විතරයි. හතරවටේම ඇස් යවලා යූනා අතේ තිබුන පිහියත් ඉස්සරහට කරගෙන ඇතුලට ආවේ දොර මහ හයියෙන් වැහිලා යද්දි.
දොර වැහෙන සද්දෙට යූනා ගැස්සිලා ඇස් දෙක තද කරලා පියාගත්තම,

" මාව මරන්නද ඔයා ආවේ "

යූනාගෙ පිටිපස්සෙන් ඉදන් අත්දෙකත් බැඳගෙන බලාගෙන ඉදපු ජේකේ යූනාගෙ අතේ තිබුන පිහිය එයාගෙ අතට ගන්න ගමන් ඇහුවම යූනා ඇස් දෙක ඇරලා ජේකේ දිහා බැලුවා.

RED MOON [ JJK ] Completed Where stories live. Discover now