CHAPTER 17 🌕

283 51 9
                                    

ජීවිතේ සමහර වෙලාවල් තියනවා අපි ඒ මොහොත ගෙවිලා ඉවර වෙනවට අකමැති. වෙලාව හිමීට ගෙවෙන්න කියලා ප්‍රාර්ථනා කරන. වෙලාව අතින් අල්ලලා නතර කරගන්න පුළුවන් කමක් තියනවා නම් එහෙම උනත් කරන්න හිතෙන. යූනා ජේකේ එක්ක ගත කරන හැම තප්පරයක්ම යූනාට ඒ වගේ ගෙවිලා ඉවර වෙනවට අකමැති මොහොතක් උනා. ගෑනු ආදරේට ලෝබයි කියන්නා වගේ යූනාත් ජේකේගෙන් ලැබෙන ඒ ආදරේට පුදුම විදියට ලෝභ උනා. යූනාට හැමවෙලාවකම හිතුනෙ තමන් මේ ඉන්නෙ හීනෙක කියලා. මොකද යුනා කවදාවත් හිතුවෙ නෑ ජේකේ මේ විදියට එයාට ආදරේ කරයි කියලා.

යූනා ජේකේ එක්ක මැන්ශන් එකට යන්න කලින් ශොපින් මෝල් එකට ගියේ ජේකේ බෑ කියද්දිමයි.ජේකේ යූනා එක්ක කොහෙ යන්න කැමති උනත් ශොපින් නම් යන්න කැමති නෑ. මොකද ගෑනු ශොපින් යන්න ගත්තාම වෙන දේ හොඳටම දන්න නිසා.
යූනා බලෙන්ම වගේ ජේකේව ඇදගෙන ශොපින් මෝල් එක ඇතුලට ගිහින් එයාට ඕනෙ කරන බඩු ⁣තෝරන්න ගත්තෙ ජේකේ අත් දෙකත් බැඳගෙන යූනාගෙ පස්සෙන් යූනා යූනා යන යන තැනට යද්දි.

යූනා නිකන් පස්ස කැඩුන කඩියා වගේ විනාඩියක්වත් එක තැන ඉන්නෙ නැතුව එහෙට මෙහෙට දුව දුව බඩු තේරුවා.
මේ අතරේ යූනාව දකින එයාගෙ ෆෑන්ස්ලා ජේකේ දිහායි යූනා දිහායි බල බල කසු කුසු ගාන්න ගත්තෙ ජේකේ ඒ හැමෝම දිහා බලලා රවද්දි. සමහර අය යූනාගෙ පොටොස් පවා ගන්න හැදුවත් ජේකේ යූනාව කවර් වෙන්න හිටගන්නෙ යූනාව හරියට පේන්නෙ නැති වෙන්න.

" ඕ මයි ගෝඩ් යූනා "

" වොන්වූ? ඔයා? "

එකපාරටම යූනාගෙ නම කියාගෙන හැන්ඩ්සම් බෝයි කෙනෙක් යූනා ළගට ආවේ යූනාත් ඒ බෝයි වගේම පුදුම වෙලා සතුටින් කෑගහද්දි. ජේකේ ඒ බෝයි දිහා බලලා අහක බලාගත්තෙ යූනා දිහා හොරෙන් බලන ගමන්.

" කවද්ද අනේ ආවේ "

" ම්ම්ම් දැන් දවස් දෙකක් විතර "

" කෝල් එකක්වත් දුන්නෙ නෑනෙ ආවා කියලා "

" කිව්වට විශ්වාස කරයිද දන්නෙ නෑ මම මේ ශොපින් මෝල් එකට ආවෙත් ඔයාව බලන්න එන්න මොනහරි ගන්න හිතාගෙන "

" යා... බොරු කියන්න එපා "

යූනා හිනාවෙවී වොන්වූගෙ අතේ එල්ලිලා කතා කරන දිහා ජේකේ හරිම ඉවසීමෙන් බලාගෙන හිටියෙ වෙන කරන්න දෙයක් නැතිකමට වගේ. යූනා සැරින් සැරේ ජේකේ දිහා බලන හැමවෙලාවකම ජේකේ යූනාව දවා අළු කරන බැල්මක් දාලා අහක බලාගන්නෙ යූනාට ඒ ගැන කුරිරු සතුටක් හිතට දැනෙද්දි.

RED MOON [ JJK ] Completed Where stories live. Discover now