CHAPTER 15 🌕

308 55 6
                                    

" යාාාාාා ටේ හ්යොන් "

ජේකේ එකපාරටම මැන්ශන් එකම දෙවනත් වෙන්න කෑගහගෙන පඩිපෙළ දිගේ පහලට දුවගෙන ආවේ යූනා ජේකේගෙ කටහඬ ඇහිලා ඒ දිහා බලද්දි.

යූනාව දැකපු ගමන් ජේකේ එතනම නතර වෙලා ජින් දිහා බැලුවම ජින් ජේකේට ඇහැක් ගහලා හිනාවුනා.
යූනා ජේකේව පිච්චිලා අලුවෙලා යන තරමෙ හරිම කූල් බැල්මකින් ජේකේ දිහාම බලාගෙන හිටියෙ ජේකේ හරිම අමාරුවෙන් යූනා එක්ක හිනා වෙද්දි.

" කවුද හ්යොන් මේ "

ටේ ඇවිත් එකපාරට යූනාගෙ වටේ වටයක් කැරකෙන ගමන් ඇහුවාම යූනා ටේ දිහා බැලුවා. ළා නිල් පාට ඇස් දෙකක් තිබුන ටේව දැක්කාම යූනාගෙ ඇස් ටේගෙන් අයින් කරගන්න බැරි උනේ ටේට තිබුන කෙල්ලො වශී කරගන්න පුළුවන් පෙනුම නිසා. ජේකේ එක්ක තිබුන තරහත් අමතක කරලා යූනා ටේ දිහාම බලාගෙන හිටියා.
ඒත් එක්කම වගේ ජූන් එයාගෙ රූම් එකේ ඉදන් පහලට ආවේ හාරා එක්කමයි. ජූන්ව දැකපු ගමන් යූනා කලබලෙන් වටපිට බලන්න ගත්තෙ මේ වෙන කිසිම දෙයක් හිතාගන්න බැරි නිසා.

" මිස් යූනා? ඔයා කොහෙද මෙහෙ? "

" ආහ් එයා ආවේ මාත් එක්ක "

ජූන් යූනා ළගට ඇවිත් කතා කලාම යූනා උත්තර දෙන්න කලින් ජින් යූනාගෙ අතින් අල්ලගෙන ජූන්ට උත්තර දුන්නෙ ජේකේ දිහා බලන ගමන්. ජේකේ යූනාගෙයි ජින්ගෙයි අත් දෙක දිහා බලලා යූනාට රවද්දි යූනා ජේකේට රවලා ජින්ගෙ අත තව ටිකක් තද කරලා අල්ලගන්න ගමන් අහක බලාගත්තා.

" උබ කොහොමද යූනාව අඳුරන්නෙ "

" අයියො ජූන් එයාලට ඉස්සෙල්ලාම ඇතුලට එන්න දෙන්නකො අනේ "

හාරා ජූන්ට බැනලා යූනා එක්ක හිනාවෙලා යූනාගෙ අතින් අල්ලගෙන ඇතුලට එක්කන් යද්දි ජූන් ජින් දිහා අමුතු බැල්මකින් බලලා ඇතුලට ගියා.

" යූනා ආවේ මගේ බර්ත්ඩේ පාටි එකට "

" මොකක්? "

" ඔයාට බර්ත්ඩේස් දෙකක් තියනවද හ්යොන් "

ටේ මෝඩ පහේ ප්‍රශ්නයක් අහපු නිසා හොබී සුපුරුදු විදියටම ටේගෙ ඔළුවට එකක් ගැහුවෙ යූනා ජින් දිහා බලද්දි. ජින් ඔළුව කසන ගමන් යූනා දිහා බැලුවාම ජේකේ මල පැනලා රූම් එකට ගියා. යූනා ජේකේ යන දිහාම බලාගෙන ඉද්දි ටේ යූනා දිහයි ජේකේ යන දිහයි මාරුවෙන් මාරුවට බලලා ඇස් එහෙට මෙහෙට කරන ගමන් කල්පනා කරන්න ගත්තා.

RED MOON [ JJK ] Completed Where stories live. Discover now