CHAPTER 23 🌕

293 48 22
                                    

වෙලාව රෑ හත පහුවෙලා විනාඩි තුනකුත් පහුවෙලා තියනවා දැක්කාම ජිමින් ටික වෙලාවක් ඔරලෝසුව දිහා බලන් ඉදලා නම්ජූන්ට ඇස්වලින්ම වෙලාව ළඟයි කියාගෙනම මැන්ශන් එකෙන් එලියට ගියෙ ටේ, හොබී දෙන්නත් ජිමින් එක්කම මැන්ශන් එකෙන් එලියට එද්දි.
ජිමින් ගාඩ්න් එක කෙලවරේම තිබුන කැළැව ළග තිබුන ග්‍රවුන්ඩ් එක ළග නතර වෙලා ටේ හොබි දෙන්නා දිහා බැලුවේ මෙතන තමයි තැන කියන්න වගේ.
ජිමින් එතන නතර වෙලා අහස දිහා බැලුවම හඳ වළාකුළු අතරින් යාන්තමට වගේ පේන්න තිබුනෙ තවමත් හරියට පායලා තිබුනෙ නැති නිසා.

ජිමින් ඇදගෙන ඉදපු ටී ශර්ට් එක ගලවලා පැත්තකට විසි කරලා අහස දිහා බලාගෙනම අත්දෙක දෙපැත්තට කරලා ඇස්දෙක පියාගත්තෙ අත් දෙකෙන්ම නිල්පාට එලියක් විහිදවන ගමන්. ටිකෙන් ටික ජිමින්ගෙ මුළු ඇගෙන්ම නිල්පාට එලියක් විහිදෙන්න ගත්තෙ ජිමින් ටික ටික කකුල් දෙකෙන් ඉස්සිලා උඩ පාවෙද්දි. ටේ, හොබි දෙන්නම මේ දිහා බලාගෙන ඉද්දි එකපාරටම ජිමින්ගෙ පිටේ තිබුන මූන් ටැටුස් වලින් තද නිල්පාට එලියක් විහිදිලා ජිමින්ගෙ වලිග 9ම එලියට ආවේ ඇස් නිල්පාටින් දිලිසෙද්දි.

ජිමින් උඩ පාවෙන ගමන්ම එයාගෙ බලය පාවිච්චි කරලා ඇල්කෙමි සිම්බල් එක ඇන්දෙ ටේ, හොබී දෙන්නා වගේම මැන්ශන් එකේ ඉදපු හැමෝමත් එලියට ඇවිත් ඒ දිහා බලන් ඉද්දි.

" යූනාට පුළුවන් වෙයිද ජූන් "

හාරා ජූන්ගෙ අතින් අල්ලගෙන බයෙන් වගේ එහෙම ඇහුවාම ජූන් හාරා දිහා බලලා හාරාගෙ අතින් අල්ලගත්තෙ බයවෙන්න එපා කියන්න වගේ බැල්මකින්.

ජිමින් ඇල්කෙමි සිම්බල් එක ඇඳලා හිමීට ආපහු බිමට ඇවිත් නම්ජූන් දිහා බැලුවේ එයාගෙ වලිග 9 වගේම ඇගෙන් විහිදුන එලිය නැති වෙලා යද්දි. නම්ජූන් මීරා, ජේකේ දෙන්නව එයාලා ඉන්න ඕනෙ තැන්වලට යවලා එයාට හිටගන්න තිබුන තැනින් ගිහින් හිටගත්තා. නම්ජූන් අහස දිහා බලලා යූනාව බලාපොරොත්තුවෙන් කැලෑව දිහා බැලුවම යූනා කකුලක් ඇද ඇද කැලෑව පැත්තෙන් එලියට ආවේ ජේකේ යූනාව දැකලා ඒ පැත්තට දුවන්න හදද්දි.

" එපා කුකී. ඔතනින් එලියට එන්න එපා "

ජින් කෑගැහලා ජේකේව නතර කලාම ජේකේ එතනම නතර උනේ යූනාත් අත දික් කරලා ජේකේට එපා කියද්දි.
යූනා අමාරුවෙන් අමාරුවෙන් ඇවිදගෙන ඇවිත් ටේ ළඟම බිමින් ඉඳගත්තම ටේ යූනා ළගට පාත්වෙලා යූනා ඇඳගෙන ඉදපු බොටම් එක උස්සලා කකුල දිහා බැලුවා.
යූනාගෙ කකුලෙ වළලුකර ලග වොල්ෆ් දත් පාරවල් එක්ක ලොකු තුවාලයක් තියනවා දැක්කාම ජේකේ ඇස් දෙක තද කරලා පියාගෙන අහක බලාගත්තෙ යූනා වේදනාවෙන් කෙඳිරිගාද්දි.

RED MOON [ JJK ] Completed Where stories live. Discover now