CHAPTER 03 🌕

370 60 2
                                    

අවුරුද්දෙ 365 දවසම , දවසෙ පැය 24ම, ගෙවෙන හැම තප්පරේකම කලබලෙන් එහෙට මෙහෙට දුවන කොරියාවේ කාර්යබහුලම ටවුන් එක අද වෙනදටත් වඩා කලබලෙන් එහෙට මෙහෙට යන මිනිස්සුන්ගෙන් පිරිලා තිබුනෙ ළඟ ළගම එන presidential election එක නිසා. Election එකට ඉදිරිපත් වෙන අපේක්ෂකයන්ගෙ Canvassing, charity works වලට ඒ ඒ අයගෙ උදව්කරුවන් කාර්යබහුල වෙද්දි සාමාන්‍ය මිනිස්සුන්ගෙ වැඩ වලටත් කරදර ඇති නොවුනාම නෙවේ.

යූනා සුපුරුදු විදියට ඒජින්ගෙ සද්දෙට උදෙන්ම නැගිට්ටෙ අද අප්පගෙ වැඩේට යන්න තියනවා කියලා ඊයේ රෑ ඉදන් දහස් වතාවකට වඩා ඒජින් කියපු නිසා.
ඒජින් වැඩේ භාරගත්ත නිසා යනවා මිසක් යූනාට ඒකට යන්න කිසිම ඕනෙ කමක් තිබුනෙ නෑ.⁣ මොකද පොලිටික්ස් කියන්නෙ කෙල්ල මේ ලෝකේ අකමැතිම දේ. පොලිටික්ස් ගැන යූනාට පොඩි කාලේ ඉඳන්ම තිබුන අඳුරු මතක කෙල්ලට ඒ වචනෙ පවා එපා කෙරෙව්වා.
අන්තිමට තමන්ගේම අප්පත් හිතපු නැති විදියට පොලිටික්ස්ම තෝරගනිද්දි කෙල්ල කලේ ඔම්මා අප්පා දෙන්නාගෙනුත් ඈත් උන එක.
මොනා උනත් ඒජින් නිසා මේ ගමන යන්න වෙනවා කියලා හිතුන නිසාම යූනා යන්න ලෑස්ති උනේ ඒජින් එදා රෑ කියපු දේවල් ගැනත් ආපහු හිතන ගමන්.

යූනා ලෑස්ති වෙලා පහලට එද්දිත් ඒජින්,  වූයොන් දෙන්නා ලිවින් රූම් එකට වෙලා බලාගෙන හිටියෙ කෙල්ල එනකන්.

යූනා පඩිපෙළ බැහැගෙන එනවත් එක්කම වූයොන් නැගිටලා අතේ තිබුන බ්ලෙසර් එක දාගත්තෙ ඒජින් යූනාගෙ අතට schedule එක තිබුන ටැබ් එක දෙද්දි.
යූනා ටැබ් එක බලන ගමන්ම දොර පැත්තට ගියෙ වූයොන් කෙල්ලට දොර ඇරලා දෙද්දි.
අතේ තිබුන ටැබ් එක ඒජින්ගෙ අතට දීලා යූනා සන්ග්ලාස් දෙක දාගත්තම කාර් එක ළඟ ඉදපු ගාඩ් කෙල්ලට කා⁣ර් එකේ දොර ඇරලා යූනා ඉඳගත්තම දොර වහලා ගිහින් ඩ්‍රයිවින් ශීට් එකෙන් ඉඳගත්තා. ඒත් එක්කම වගේ වූයොන් ඇවිත් ඩ්‍රයිවින් ශීට් එකට එහා පැත්තෙ ශීට් එකෙන් වාඩි උනේ ඒජීන් යූනාගෙ එහා පැත්තෙ ශීට් එකෙන් ඉඳගනිද්දි.

" එතකොට අපි 12 වෙනකන් එතන ඉන්න ඕනෙද? "

" ම්ම්ම් ඔව් "

ඒජින් කියද්දි යූනා ශීට් එකට ඔළුව ගහගත්තෙ පැය ගානක් එතන ඉන්න එක කරදරයක් කියලා හිතුන නිසා.

RED MOON [ JJK ] Completed Where stories live. Discover now