CHAPTER 05 🌕

318 55 7
                                    

ජේකේ යූනා දිහා බලාගෙනම පඩි දෙක බැහැලා ඇවිත් එයාගෙ කාර් එකට හේත්තු උනේ එක කකුලකට බර දීලා අනිත් කකුල රෝදෙට තියාගන්න ගමන්.
සක්කරයා වැඩියා උනත් අයි ඩෝන්ට් කෙයා සීන් එකේ ඉන්න ජේකේ යූනාවත් ඒ තරම් ගනන් ගත්තෙ නෑ.
කොහොමත් ජේකේට තමන්ට මේ ලෝකෙ ඉන්න ලොකුම තරහකාරයා අවුරුදු ගානකට පස්සෙ මේ විදියට හම්බුනාම එයාව සතුටින් පිලිගන්න තරම් ඕනෙ කමක් තිබුනෙත් නෑ.

ජේකේව දැකපු ගමන් යූනාටත් කිසිම දෙයක් එකපාරටම හිතාගන්න බැරි උනේ බලාපොරොත්තු උනේ නැති කෙනෙක් හම්බවුන නිසා.
යූනා මුකුත් කියන්නෙ නැතුවම ඒජින් දිහා බලලා ගිහින් කාර් එකට නැග්ගෙ ජේකේ නක්කලේට වගේ කට කොනකින් හිනාවෙද්දි.

යූනා කාර් එකේ ඉඳගෙන එයාගෙ මූණ පේන්නෙ නැති වෙන්න කැප් එක දාගත්තෙ ඒජින් වූයොන් දෙන්නත් ඇවිත් කාර් එකට නගිද්දි.

" මොකක්ද ඒ උනේ? "

මින්ජි යූනාගෙ කාර් එක යන දිහා බලාගෙන අහන ගමන් ජේකේ දිහා බැලුවාම ජේකේ සාක්කුවේ තිබුන සිගරට් පැක් එක අරන් සිගරට් එකක් තොල් වලින් තියාගත්තා.
ලයිටර් එකත් අරන් සිගරට් එක පත්තුකරගෙන සිගරට් එක ඉහලට අදින ගමන්ම මින්ජි ළගට ආවේ මින්ජි ජේකේගෙන් උත්තරයක් බලාපොරොත්තු බලාගෙන ඉද්දි

" මොකටද ඒ කෙල්ල මෙහෙට ආවේ "

" මට නම් කිව්වේ වොල්ෆ්ලා ගැන විස්තර ටිකක් ඕනෙ කියලා. මම කිව්වා ලොක්කා එක්ක කතා කරන්න ඕනෙ කියලා. කොහෙද ඉතින් කතා කරන්නෙ උබව දැක්ක ගමන් මොකෙද්ද දැක්කා වගේ බයවෙලා යන්න ගියානෙ "

මින්ජි කියද්දි ජේකේ ආපහු හිනාඋනේ කටේ තිබුන සිගරට් දුම ටික එලියට පිට කරන ගමන්.

" උබ එයාව දන්නවද? "

" ම්ම්ම් "

" එතකොට ඒකි බයවෙලා ගියෙ මොකටද? "

" එව්වා පරණ කතා "

ජේකේ මින්ජි දිහා බලලා කියලා ආපහු ස්ටේශන් එක ඇතුලට ගියේ මින්ජි සැන් දිහා බලද්දි. සැන් මින්ජි ලගට ඇවිත්,

" රහස් ගුහාවක්නෙ "

" මම කලිනුත් උබට කියලා තියනවානෙ. ඇත්තම ජේකේ අපි දන්න කෙනා නෙවෙයි කියලා "

RED MOON [ JJK ] Completed Where stories live. Discover now