CHAPTER 02

816 150 47
                                    

"ඔයාට මාව miss වුනාද bun?"

"නෑ! කවදාවත් එහෙම වෙන්නෙත් නෑ!" අත මීට මොලවාගත් ජන්කුක්, තරහින් ටේහියුන් දෙස බැලුවා.

ඔහු ඉදිරියට නැවිලා කුක් දෙසට බරවී ඔහුගේ නිකට ඇගිල්ලෙන් ඔසවලා, "ඒත් මට නම් ඔයාව miss වුනා ,මගේ මෝඩ හා පැටියෝ"

"කිම් ටේහියුන්, තමුන්ගෙ ඔය බොලද කතා නවත්තගන්නවා! " ජන්කුක් කෑ ගහලා, ටේහියොන්ගේ අත අයින් කරලා දැම්මේ ලෝකේ තියන අප්පිරියම දේ වගේ. "තමුන් මොනවද මෙතන කරන්නේ?!"

"ඔයාට මං කලිනුත් කිව්වනේ මං මෙතනට ආවේ මගේ ආදරණිය WIFE ට මල් ටිකක් අරන් යන්න කියලා" ටේහියොන් wife කියන වචනේ තවත් බර කරලා කියපු නිසා ජන්කුක්ගේ තරහ තවත් ඇවිස්සුනා.

"මං තවදුරටත් ඔයාගේ wife නෙවෙයි!"

"මං කිව්වද ඒ ඔයා කියලා?" ඇහි බැම ඔසවන ගමන් ටේහියොන් කියද්දී ජන්කුක්ගේ හදවත වේදනාවෙන් මිරිකෙන්න ගත්තා.

මීට මොලවා ගත් අත් ලිහිල් කරගෙන ගැඹුරු හුස්මක් ගත්ත ජන්කුක්, "ඔව් ඔයා හරි.."හිමින් මුමුණා, "ඔයාට දැන් අලුත් lover කෙනෙක් ඇති, හහ්... මොනවද මං බලාපොරොත්තු වුනේ?" ඔහු ඉක්මනින් මල් කලඹ වටා රෝස පාට ribbon පටිය ගැට ගහලා ටේහියොන් වෙත දික් කලේ වේගයෙන්.

"දැන් මේ මල් ටිකත් අරගෙන මෙතනින් යන්න!"දොර දිහාවට ඇගිල්ලත් දික් කරගෙන දත් මිටි කන ගමන් ජන්කුක් කිව්වා.

ටේහියොන් කට කොනින් හිනා වෙන ගමන් mask එකයි sunglasses දෙකයි දාගන්න ගමන්, "අපි ඉක්මනටම ආපහු හම්බවෙමු bunny" ඔහු මල් කලඹත් අරගෙන හෙමි හෙමින් දොර දෙසට ගියත් දොරට මුහුණලා එක පාරටම නතර වුනා.

"ඔයා මේකත් දැනගන්න කුක්, මං කවදාවත් අලුත් lover කෙනෙක්ව හොයාගත්තේ නෑ" එහෙම කියාගෙනම ටේහියොන් සාප්පුවෙන් පිට වුනා.

ජන්කුක්ට දැනුනා ටේහියෝන්ගේ වචන නිසා ඔහුගේ හදවත ගැහෙන්න ගන්නවා, ඒ උනත් ඔහු ඉක්මනින්ම එයාව සන්සුන් කරගත්තා. "එයාගේ වචන serious ගන්න එක නතර කරනවා, ජොන් ජන්කුක්!" ඔහු තමාටම බැනගන්න ගමන් පපුව අතාගා ගත්තා.

𝔻𝕀𝕍𝕆ℝℂ𝔼𝔻?- Sinhala Translation - (Taekook)✔️Donde viven las historias. Descúbrelo ahora