Chapter 25

251 50 2
                                    

"බලන්න, මම ඔයාට මොනවද අරන් ආවේ කියලා, බේබි!"

ජන්කුක් ටේහියුන්ට තුෂ්නිම්භූත බැල්මක් දුන්නා, "ඔයා ආපහු පර්ෆියුම් එකක් උස්සන් ආවා කියලානන් මට කියන්න එපා? මම ඒවට කැමති නැහැ!"

"නෑ මම එහෙම කළේ නෑ බබා-" හුරතල් බිරුම් හඩක් ටේහියුන් ගේ වචනවලට බාධා කළා. ජන්කුක් තම අසුනෙන් නැගිට්ටා, "මොකක්ද ඒ සද්දේ?"

"හොඳයි... ටා-ඩා!! මම ඔයාට බලු පැටියෙක් ගත්තා!!!"

ටේහියුන් ජන්කුක්ට බලු පැටියා පෙන්නුවා

මුළු මන්දාකිණියම තියනවා වගේ ජන්කුක්ගේ ඇස් දිලිසෙන්න ගත්තා "අනේ දෙවියනේ!!!!" එයා හයියෙන් කෑ ගැහුවා, "එයා හරිම හුරතල්!!!" ඔහු බලු පැටියා නැවත බුරන විට හයියෙන් සිනා සෙමින් ටේහියුන්  ගේ අතින් ගත්තා.

"ඔයා එයාට කැමති උන එක  ගැන මට සතුටුයි, බේබි." ජන්කුක් ඔහුගේ නාසය බලු පැටියාගේ හොම්බේ අතුල්ලමින් ආදරයෙන් බදාගෙන ඉන්න ජන්කුක් දිහා බලන් හිටපු ටේහියුන්  සිනාසුනා.

"ඔයා කවද්ද එයාව ගත්තෙ හියුන්ගී?" ජන්කුක් ඇසුවේ ඔහුගේ බැල්ම තවමත් බලු පැටියා දෙසම තබාගෙනය.

"ඊයේ." ටේහියුන් කිව්වා, "ඔයා මොකක් කියලද එයාට කතා කරන්නේ?"

ජන්කුක් උද්යෝගිමත්ව බලු පැටියාව බිමින් තිබ්බා, ඔහු ඌ දිහා විශ්ලේෂණය කරනවා වගේ බලන් ඉදලා, "මම මෙයාට taekookie කියලා කියන්නම්!"

"Taekookie?"

"ඔව්! ටේ ඔයාගේ නමෙන්, කුකී මගේ නමෙන්!" ජන්කුක් හුරතල් ලෙස විස්තර කලා.

"ලස්සන නමක්. බලන්න, එයාට ඔයාගේ වගේ ඩෝ ඇස් තියෙනවා!" ටේහියුන්  Taekookie වෙත ඇඟිල්ල දිගු කරමින් පවසද්දී බලු පැටියා ව්‍යාකූල වී හිස සැලුවා.

"හියුන්ගී, ඔයා කියන්නේ ටේකුකි අපේ දරුවා වගේ කියලාද?" ජන්කුක් විහිළු කළා.

"හොඳයි, මම මේ බලු පැටියාව ගත්තේ ඔයාට, බේබි වෙනුවට." ටේහියුන් තම හස්බන්ඩ්ව වැළඳ ගනිමින් පැවසුවේ, "ඒ වගේම ඔයා ඒකට කැමති වුන එක ගැන මට ගොඩක් සතුටුයි."

𝔻𝕀𝕍𝕆ℝℂ𝔼𝔻?- Sinhala Translation - (Taekook)✔️Where stories live. Discover now