"මොකක්ද මගෙ හස්බන්ඩ්ට වෙලා තියෙන්නෙ ඩොක්ටර්?" ජංකුක් සිටින කාමරයෙන් පිටතට පැමිණෙන ඩොක්ටර් අසලට ඉක්මනින් ගොස් ටේහියුන් උනන්දුවෙන් ඇසුවා.ඩොක්ටර් සුසුමක් හෙලුවා, ටේහියුන් සහ ග්‍රෑන්ඩ්මා කිම් දෙස බලමින් "ඔයාට අහන්න ඕනි හොද නිව්ස් එකද? නරක නිව්ස් එකද?"
"හොද නිව්ස් එක" ටේහියුන් පිළිතුරු දුන්නා
"මිස්ටර් කිම්- ජෙයොන් ජංකුක් ප්‍රෙග්නට් වෙලා හරියටම මාසයක්" ඩොක්ටර් කියන විට ටේහියුන්ගේ සහ ග්‍රෑන්ඩ්මා කිම්ගේ මුහුණේ අවංක සිනාවක් සැදුනා.
ඉක්මනින්ම ඔවුන්ගේ සිනහව නැතිවුණා "මොකක්ද එතකොට නරක නිව්ස් එක?"
"ජියෝන් ජන්කුක් දැන් බොහෝ දුරට මිස්කැරේජ් එකක ඉන්නේ. එයාගේ රුධිර වර්ගය දුර්ලභයි, මට විශ්වාසයි මිස්ටර් කිම් ඒ ගැන දැනගෙන හිටියා කියලා?" ඩොක්ටර් අසද්දී; ටේහියුන් හිස සැලුවා.
"ඊට අමතරව, මට පේනවා ජියෝන් ජන්කුක් ට නිරෝගී ශරීරයක් නැහැ. ඒ නිසා ජන්කුක් ඇබෝර්ට් වීමේ අවදානම අනෙක් අයට වඩා වැඩියි. දරුවායි ජන්කුක් නුයි දැන් හොඳින් හිටියත්, අනාගතයේදී මොකක් වෙයිද කියලා මට සහතික වෙන්න බැහැ. ඉදිරි දවසක ජන්කුක් ඇබෝර්ට් වුනොත්, එයාගේ ජීවිතය අනතුරට පත් වෙන්න පුලුවන් . එයා රුධිරය අහිමි වීමෙන්ම මිය යන්න පුලුවන්." වෛද්‍යවරයා ප්‍රකාශ කළා, "ඉතින් ඔබ තීරණයක් ගන්න ඕනේ, දරුවා තබා ගන්නවාද, ඇබෝර්ට් කරනවාද කියලා, ඔබ මොකද කියන්නේ?"
"ඇබෝර්ට් කරන්න" ටේහියුන් කිසිදු පැකිලීමකින් තොරව කිව්ව ගමන් ග්‍රෑන්ඩ්මා කිම් පවා ගැස්සිලා ගියා.
"ඇත්තටම?! ඔයාට ඒක හොදටම විශ්වාසද?!" ඇය ඇසුවේ ටේහියුන් ගේ මැණික් කටුව තම දෑතින්ම අල්ලා ගනිමින්.
"ඇබෝර්ට් කරන්න!" ටේහියුන් ඔහුගේ දත්මිටි කමින්ද ,අත්ල ගුලි කරගනිමින් කිව්වා.
"නෑ ඔයාට බෑ-" "ඒ බබා මගේ! මට ඕන දෙයක් මට තීරණය කරන්න පුළුවන්!"
"බබා ඔයාගේ, ඒ වගේම ජන්කුක්ගේ!" ග්‍රෑන්ඩ්මා කිම් කෑගැසුවා, "ඒ බබෙක්, ඒ වගේම ජීවිතයක්..."
YOU ARE READING
𝔻𝕀𝕍𝕆ℝℂ𝔼𝔻?- Sinhala Translation - (Taekook)✔️
Fanfiction"Look at the mirror, bun. Look at that aroused look of yours, can't you see you're still shivering under my touch? So seductive yet pitiful-" "S-Stop! Let go of me, b-bastard! Answer me, what did you do to the divorce paper?!" "That's wasn't divorce...