Chapter 24

259 61 10
                                    

"ආහ්හ්..."

ජංකුක් කෙඳිරි ගෑවා, ඔහුට දැනුනා ඉර එළිය ඔහුගේ මුහුණට වැටෙනවා. එම නිසා ඔහු ඔහුගේ වියලී ගිය ඇස් අමාරුවෙන් ඇර පෙනීම පැහැදිලි කර ගැනීමට ඇහිපිල්ලම් ගැහුවා.

"ඇයි...?" ඔහු ඇසුවා, ඇඟිලි වලින් බෙඩ් ශීට් එක තද කරගත්තා, නකල්ස් වල බැන්ඩේජ් එකක් එති තිබෙනවා දැනී ඔහුගේ ඇස් ලොකු කරගත්තා. "ඇයි මම ඇඳ උඩ ඉන්නේ?"

"නැගිට්ටද දැන්?" ටේහියුන්ගේ ගැඹුරු කටහඬ ඇසුණු සැනින් ජංකුක් කලබල වුණා.

"හියුන්ගී!" ජංකුක් කතා කලා, ඔහු උත්සහ කරා ලොකු හිනාවක් පෙන්වීමට, "ගුඩ් මෝනින්!"

"මෝනින්"ටේහියුන් මිමිණුවා, ඔහු ජංකුක්ගේ එහා පසින් හිඳගෙන, ජංකුක්ව බදාගත්තා,"එක්ස්ප්ලේන් කරන්න"

"එ-එක්ස්ප්ලේන් කරන්නේ මොකක්ද?" ජංකුක් ඇසුවා. ඔහු දන්නවා ඔහු ඉවරයි කියලා මොකද ටේයුන්ගේ කටහඬේ අමනාපය රැඳිලා තිබුණා.

"ඇයි ඔයා ඔයාටම වැඩකට නෑ කියලා කියාගත්තේ? ඇයි ඔයා මට බොරු කලේ ඔයා ඇත්තටම හොඳින් නෙවෙද්දි?"

"මම කලේ නෑ-" "ඔයා කලා. මම සිසිටීවි එකෙන් දැක්කා" ටේහියුන් පවසා, ලොකු හුස්මක් ගත්තා, "ඇයි, කුක්?"

බොරු කීමට හැකියාවක් තවදුරටත් නෑ කියා දුටුපසු ජංකුක් කතා කරා, "මම කොහොමද ඒක විස්තර කරන්නේ? මම වැඩකට නෑ..." ඔහුගේ ඇස්වලින් කඳුළු පිටතට පැමිණ, ඇස් රතු පැහැයෙන් අඳුරු වුණා."ඩිවෝස් කරන්න මාව, ටේහියුන්"

ටේහියුන් සමච්චලයෙන් මෙන් "ඔයා මාව ඩිවෝස් කරන්න ඒ තරමට කැමතිද?" පැවසුවා.

තේහියොන්ගේ ප්‍රශ්නය නොසලකා හරිමින්, ජංකුක් ගායකයාගේ බැල්ම මඟහැරියා.

"හොඳ එක්කෙනෙක් හොයාගන්න, හොඳ එකනෙක් හොයාගන්න ඔයාට ලමයෙක් දෙන්න පුළුවන්-" "ඉතින් ඔයා හිතන්නෙ මම ඔයාව බැන්දේ මට ළමයෙක් ඕන හින්දා කියලද?" ටේහියුන් ඇසුවා, ජංකුක් හිස සලද්දී ටේහියුන් කෝපයෙන් මෙන් සිනහසුනා.

"ඩිවෝස් කරන්න මාව." ජංකුක් නැවතත් ස්ථිර ස්වරයෙන් මිමිනුවා, ටේහියුන් එකපාරටම ඔහුව බිමට තද කෙරූ විට ඔහු කෑ ගැසුවා.

𝔻𝕀𝕍𝕆ℝℂ𝔼𝔻?- Sinhala Translation - (Taekook)✔️Where stories live. Discover now