Chapter 16

344 78 14
                                    

Good morning babies 💕

සතියක් සහ දවස් පහකට පසු, ජංකුක් අවසානයේ සුව වුනා. දැන් ආයෙත් හුරතල් සැසී බනී ඇවිත්.

"හියුන්ගී..."ජංකුක් ටේහියුන්ගේ ඔඩොක්කුවට පැන, සින්ගර්ව තදින් බදා ගත්තා.

"ඔව්? මොනවහරි ඔයාට ඕනිද?" ටේහියුන් ඔහුගේ දෑස් තවමත් ෆෝන් තිරය මත තබා ගනිමින් ඇසුවා.

"අපිට ග්‍රෑන්ඩ්මාගෙ ගෙදර යන්න පුළුවන්ද? මට ඇයව බලන්න ඕනි!" ජංකුක් උද්යෝගයෙන් පැවසුවා, ලොකූ බනී හිනාවක් ඔහුගේ මුහුණේ ඇදී තිබුණා.

"නමුත් මම මේ ටිකේම ගොඩක් නිවාඩු ගත්තා. අපි ඊලග මාසේ බලමු?" ටේහියුන් අසද්දී ජංකුක්ගේ ලොකූ පවුට් එකක් හැදුනා

"හොදයි..." පොඩ්ඩා තොල් දෙපැත්තට කරමින් මිමිනුවා, "එහෙනම් ඔයා අද කම්පැනි එකට යනවද?"

"ඔව්." ටේහියුන් කෙටියෙන් පිලිතුරු දුන්නා.

"හරි! එහෙනම් මාත් ඔයත් එක්ක එන්නම්!"

_____________________________________

ජංකුක් කීකරුව ටේහියුන්ගේ ඔඩොක්කුව මත හිඳගත්තා. ඔහු චිප්ස් බෑග් එක බදාගෙන බේබි කැරට් හපන්න පටන් ගත්තා.

ඔහු ඔහුගේ විශාල බැම්බි ඇස්වලින් ටේහියුන්ගේ මේකප් එක කරන ස්ටයිලිස්ට් දිහා බලාගෙන හිටියා, "නූනා, ඔයා ලස්සනයි!"

ස්ටයිලිස්ට් එම ප්‍රශංසාව නිසා පසුපසට වුනා. ජංකුක්ගේ හුරතල් මුහුණ දෙස බලා සිටිද්දී ඇයගේ මුහුණ රතු පැහැති වුනා,"T-Thank you."

"You're welcome-" ජංකුක් ඔහුගේ තදින් ඇල්ලීමක් නිසා ඇඹරී ගියා. ඔහු නළල රැලි කර, ටේහියුන් හට රැව්වා, "ඒක රිදුනා, හියුන්ගී! ඔච්චර තද කරන්න එපා!"

ටේහියුන් සමච්චල් ලෙස සිනාසුනා, දිවෙන් ඔහුගේ කම්මුලට අනිමින් නැවතත් ජංකුක්ගේ චූටි ඉන එක අතකින් මිරිකුවා, "ඔයාට කොහොමද හයියක් ආවෙ මගෙ ඉස්සරහ ඉදන් අනිත් අයව වර්ණනා කරන්න?"

"නමුත් නූනා ලස්සනයි!" ජංකුක් හුරතල් ලෙස මිමිනුවා, ටේහියුන් ආයෙමත් තදින් මිරිකූ විට කෑගැසුවා.

𝔻𝕀𝕍𝕆ℝℂ𝔼𝔻?- Sinhala Translation - (Taekook)✔️Where stories live. Discover now