ජන්කුක් නැවතත් කැස්සා.එයාගේ ඇස් වැහිලා තිබුනා, සීතල රෙදි කැබැල්ලක්ද නළල මත තිබුනා එයාට ආපහූ කිවිසුමක් ගියා.
ඒ දසුනින් ටේහියුන් ගේ හදවත රිදෙන්න ගත්තා. "ඔයා හොඳින්ද බබා?"
ජන්කුක් ඔහුගේ හිස දෙපැත්තට සෙලෙව්වා, දිලිසෙන තොල් උල් කරගත්තා, "නෑ-නෑනේ..." ඔහු ඩුවට් එක පපුවට තුරුලු කරග්න්න ගමන් අමාරුවෙන් කිව්වා.
ටේහියුන්ගේ මුවින් මහා සුසුමක් පිට වුනා.ඔහු දුරකථනය අතට ගත්තේ ජිමින්ට ඇමතුමක් දෙන්න.
"හෙලෝ?"
"මට සතියක නිවාඩුවක් ගන්න ඕන චිම්." ටේහියුන් සුසුමක් හෙලුවේ ඔහුගේම හිසකෙස් අතරින් ඇඟිලි යවමිනි.
"සතියක්?! ඒ ඇයි? මොකද උනේ?"
"ජන්කුක්ට හොඳටම උණ හැදිලා. මට එයාව තනියම ගෙදර දාලා එන්න බෑ."
"ඇයි හදිස්සියෙ? ඔයාලා ඊයේ ගෙදර යන්න කලිනුත් එයා හොඳට හිටියනේ."
“මේ මැට්ටා කෝට් එකක්වත් අදින්නේ නැතුව වැස්සේ පැය තුනක් එක දිගට වත්තේ සෙල්ලම් කළා. මුලදි හොඳට හිටියා, ඒත් නෑවට පස්සේ, ආපහූ තෙත කොණ්ඩේ පිටින් එලියට වෙලා හිටියා. ” ටේහියුන් කිව්වේ පරාජයෙන් හිස සොලවන ගමන්.
"ඒත් සතියක් හොදටම වැඩියි ටේ..."
"මම දන්නවා චිම්. ඒත් ජන්කුක්ගේ හෙල්ත් එක එච්චර හොඳ නැති නිසා එයාට සනීප වෙන්න ටිකක් කල් ඕනේ. එයා ඇත්තටම ගොඩක් ක්ලින්ජි, අනික එයා අසනීප වුනාම ගොඩක් සෙන්සිටිව්. මම ජොබ් එකට ආවොත් එයා අඬයි කියලා මට බයයි. එයා නිතරම ඕනාවට වඩා අඩද්දි එයාගේ උණ හුගක් නරක අතට හැරුනා."
"අනේ එහෙමද... එහෙනම් ඔයා අද එයා එක්ක ඉන්න. මම ෆොටෝ ෂූට් එක පස්සේ ලෑස්ති කරන්නම්."
"ස්තූතියි චිම්." ටේහියුන් දුරකථනය විසන්ධි කළා,
ඔහුගේ බැල්ම නැවතත් ජන්කුක්ගේ සුදුමැලි රෝගී මුහුණ පැත්තට යොමු වුන.
"දැන් මටද උයන්න වෙන්නේ?" ටේහියුන් උරහිස් අකුලන ගමන් තමන්ගෙන්ම ඇහුවා.
YOU ARE READING
𝔻𝕀𝕍𝕆ℝℂ𝔼𝔻?- Sinhala Translation - (Taekook)✔️
Fanfiction"Look at the mirror, bun. Look at that aroused look of yours, can't you see you're still shivering under my touch? So seductive yet pitiful-" "S-Stop! Let go of me, b-bastard! Answer me, what did you do to the divorce paper?!" "That's wasn't divorce...