CHAPTER 10

493 125 9
                                    

ජන්කුක් සෙමින් ඇස් ඇරලා , ඇස් තම අත්වලින් අතුල්ලමින් සිටියා. ඔහු වටපිටාව දිහා  මෘදු ලෙස ඇසිපිය හෙළා බැලුවා, ඒත් ඔහු ඉක්මනින්ම ඇඳෙන් නැගිට්ටේ අසල වැතිර සිටින ටේහියුන්  දුටු විටයි.ඒ සමගම  ඔහු හුරුපුරුදු කාමරය දෙස බලද්දී, පරණ මතකයන්ගෙන්  ඔහුගේ මනස ක්ශනිකව පිරී ගියා.

"ඇයි උදේ පාන්දර මෙච්චර දගලන්නේ, ආ?" පිරිමියාගේ ගැඹුරු කටහඬ ඇසූ ජන්කුක්  ටේහියුන්  දෙසට හිස හරවා ගත්තා.

"ඇයි මම මෙතන ඉන්නේ?" ජන්කුක් ටේහියුන්  දෙස බැලීය, පසුපසට ගොස් ඇද ඇතිරිල්ලෙන් තමන්ව ආවරණය කර ගත්තා.

"ඔයාගේ ආදරණීය... මල් නිසා ඔයා faint වුණා, මතකද?"

ජන්කුක්  ඇසිපිය හෙළුවා, ඉක්මනින්ම ඔහුගේ සියලු සිහිය ලබා ගත්තා. "ම්- මගේ මල්..." කියලා ඒ දුප්පත් මල් මතක් වෙද්දි එයාගෙ ඇස් වල කඳුළු පිරුනා.

"අනේ අඬන්න එපා බබා." ටේහියුන්  නැගිට්ටේ කොල්ලාගේ කොණ්ඩෙ අතගාන ගමන්.

"මල් මගෙත් එක්ක තරහා වෙයි..."

"නෑ එයාලා ඔයා එක්ක තරහා වෙන්නේ නෑ බනී"  ටේහියුන්  ජන්කුක්  ගේ හිස අතගාමින්, "ඔයා එයාලව හොදට බලාගත්තානේ නේද?"

ජන්කුක් හිස ඔසවමින්, "ඒත්... එයාලා මැරුණානේ...."

"හරි හරි මම ඔයාට අලුත් ඒවා අරන් දෙන්නම්. දැන් අඬන්න එපා හරිද?" ජන්කුක්ගේ කම්මුල් පිරිමදින ගමන් කියද්දී ටේහියුන් ගේ කටහඬ මෘදු බවින් පිරී ගියේය.

ජන්කුක්  හිස වනමින් එයට එකග වුනත්, "ඒත් ඔයාගේ පිස්සු ෆෑන්ස්ලා අපි මැරි කරලා ඉන්නේ කියලා දැනගත්තේ කොහොමද?"

"හොඳයි ඒක මෙහෙමයි," ටේහියුන්  සෙමින්  සිනාසෙමින්, "මම අපේ මැරේජ් එක  ගැන මගේ ෆෑන්ස්ලාට කිව්වා."

ජන්කුක් ගේ ඇස් ලොකු  වුනා, "ඔයා කොහොමද?!" ඔහු ටේහියුන් ගේ පපුවට පහර දෙන ගමන්, "ඒ කියන්නේ දැන් හැමෝම මම ඔයාගේ  වයිෆ් කියලා දන්නවාද?!"

"Technically, ඔව්."

ජන්කුක් ගේ ඇස්වලින් නැවතත් කඳුළු පිරුණා, "B- Bastard! මට දැන් මල් කඩයක්වත් නිදහසේ  අරින්න බෑ..." ඔහු හුරතල් ලෙස ඉක්කාව පිටකරමින්, "ඔයා හැමදාම මෙහෙමයි. කවදාවත් තීරණයක් ගන්න කලින් මගේ අදහස මොකක්ද කියලා අහන්න එපා! තමුසේ නම්..... මම ඔයාට වෛර කරනවා. !!"

𝔻𝕀𝕍𝕆ℝℂ𝔼𝔻?- Sinhala Translation - (Taekook)✔️Donde viven las historias. Descúbrelo ahora