"මගෙ ආදරණීය හ්‍යුන්ග් කියන්න කිව්වා උඹට අපේ කම්පැනි එකේ මාර්කටින්ග් ඩිපාර්ට්මන්ට් එකේ වේකන්සි එකක් තියෙනවා කියලා ඒකට interview එන්න කියන්න කියලා .. "
"No way....!!! උඹේ හ්‍යුන්ග් එහෙම කිව්වා .. වෙන්න බෑ.. "
"වෙන්න බැරි කොහොමද බම්ලො.. ඊයෙ හ්‍යුන්ග් මගෙන් උඹේ qualifications ගැන ඇහුවා.. මම කිව්වා උඹේ ඩිග්‍රි එක ගැනයි කරපු කෝසස් අනම් මනම් සේරම ගැන. ඉතිම් උඹට එන්න කියන්න කිව්වා .. "
"උඹ මේ විහිළුවක් නෙවෙයි නේද කරන්නෙ ? "
උදේ පාන්දර සෝහූ කිව්වේ මම කීයටවත් බලාපොරොත්තු උනේ නැති ආරංචියක් .. දෙවියනේ මගෙ ජොබ් එක නැති කරපු එකාම ආයෙ මට ජොබ් එකක් දෙන්න කතා කරනවා කිව්වම විශ්වාස කරන්න පුළුවන් ද ? අනික මම හිටියේ පත්තරෙයි, ඉන්ටනෙට් එකෙයි තිබුන පුළුවන් හැම ජොබ් වේකන්සි එකටම ඇප්ලයි කරලා ප්‍රතිඵලයක් නැති පාර හෙම්බත් වෙලා.. 😒
"No man... I'm serious ... "
ආයෙත් සෝහූ කතා කරනවා ඇහුනමයි මට මතක් වුනේ කෝල් එකක හිටියා කියලා ..
"ඕකේ ඕකේ. එතකොට උඹ කියන්නෙ කිම් ටේහ්‍යුන්ග් කියන උඹේ හ්‍යුන්ග් මං ගැන අහලා මට ජොබ් එකක් දෙන්නම් කියලා කිව්වා කියලද ? "
"ආයිශ්... ඔව් මිනිහෝ.. එහෙම තමා. හැබැයි හ්‍යුන්ග් කිව්වා උඹ interview එකෙනුත් පාස් වෙන්න ඕන කියලා .. හී හී... "
" අහ් ඒක මිසක්.. "
ඒත් මම බැලුවා කිම්කාරයා එකපාරටම මට මෙහෙම එන්න පුතේ මෙන්න ගන්න කියලා ජොබ් එකක් දෙන්නෙ මොකද කියලා . ශුවර් එකටම ඕකා හදන්නෙ එන්න කියලා මාව ලැජ්ජ කරලා ගෙදර එවන්න වෙන්නැති . 😒
" ඒක මේක නෙවෙයි . උඹ එනවනෙ. හෙට 10 වෙද්දි කම්පැනි එකට ඇවිත් ඉඳපන් ඈ.. උඹ තැන දන්නවනෙ.. "
"ඕක තියෙන තැන දන්නෙ නැත්තේ කවුද බං .. 😒 "
" හරි හරි උඹ එනවනෙ.. "
"ම්ම්ම් එන්නම්... තැන්ක් යූ සෝහුවා.. මේ වෙලාවෙ මේක ලොකු උදව්වක්.. "
"හරි හරි බං. උඹට නොකරන උදව් තියෙනවද .. එහෙනම් වෙලාවට වරෙං ඈ.. මාත් දැන් ඒජන්සි එකේ වැඩකට යනවා... අන්‍යොන්ග් කුකියා.. "
YOU ARE READING
Here we meet again🍃💜 (Complete)
Romance"ආයිශ්.. මේ කිම්කාරයගෙ ලොකුකමවල ඉවරයක් නෑනේ සෙද්ද..😒 " *** "හාවෙක් වගේ කොල්ලෙක් තොල් උල් කරන් මට බනිද්දි එන හිනාව හංඟ ගන්නවට මට වෙනම තෑග්ගක් දෙන්න ඕනෙ හරිනම් 😂 " #taekook rpf #sinhala