|20|

766 91 4
                                    

"ඒ කියන්නෙ චෝයි මින්හෝ කියන පොර ජන්කුක්ට ලව් ? එහෙම ද ? "

යුන්ගි හ්‍යුන්ග් අහපු ඒ ප්‍රශ්නෙට මම ඔළුව හොල්ලගෙන හොල්ලගෙන ගියා. මේ වදකාරයගෙන් බේරෙන්න බැරිම පාර මම මූණ එල්ලගන්න හේතුව කියලා දැම්මා. හැබැයි ඒ වෙද්දි මම හිටියේ එයාගෙන් ඈතට වෙන්න ඉඳගෙන. යුන්ගි හ්‍යුන්ග් ඉස්සරහ තිබ්බ සෝෆා එකේ වාඩිවෙලා හිටියා.

මම ඔව් කියන එක ඇඟෙව්වා විතරයි මූණට මූණ බලා ගත්ත ටේයි යුන්ගි හ්‍යුන්ග්නුයි එකපාරටම ගුලි කාලා වගේ හිනා වෙන්න ගත්තා 😒 මම තිබ්බ ඇද වෙච්ච මූණ තවත් අකුල ගත්තා. ඇයි දෙයියනේ මගෙන් ප්‍රශ්නෙ මොකක්ද කියලා අහල මැරෙන්න හදලා දැන් මම ඒක කිව්වම මුන් මට හිනා වෙනවා. පුදුම මිනිස්සු තමා අප්පා. හුම් 😒

"දැන් ඔයාලට මාව ජෝක් එකක්ද ? "

මම ඒක ඇහුවෙ සීරියස් ටෝන් එකකින්. ඇත්තටම මට දුක හිතුණා. ටේ.. එයාට ප්‍රශ්නයක් නැද්ද වෙන කෙනෙක් මට ආදරේ එක.. මම විතරද මනස්ගාත හිතලා තියෙන්නෙ එතකොට..

"නෑ නෑ 😂 සො.. සොරි ජන්කුක් .. හිනා ගියා ඉතින් "

ඒත් අඩුවක් නෑ හිනාවෙ.. ලොකු හුස්මක් හෙලල මම ඉඳන් හිටපු තැනින් නැගිට්ටා.

"හ්ම්ම්ම්... මම යන්නම් සර්..

"හේ කූ ඔහොම ඉන්න.. "

"ජන්කුක්!! මොකද ඔය... ඉන්න.. සොරි.. අපි හිනා වෙන්නෙ නෑ.. "

පුළුවන් තරම් ඉක්මනින් එළියට එන්න ආපු මට ඒ දෙන්නා ගොඩක් දේවල් කියලා කතා කරනවා ඇහුනත් නවතින්නෙ නැතුවම මම ආවා. ඇත්තටම මගෙ පපුවත් රිදෙනවා . එයාට මම ගැන ආදරයක් නැත්නම් පොඩි කැමැත්තක්වත් නැද්ද දෙයියනේ 🥺

එදා දවසෙ ඉතුරු ටිකේම මම ටේව පුළුවන් උපරිමයෙන් ම මඟ ඇරියා. හවස එයා එක්ක යන්න ඉන්න කියලා දාලා තියෙන මැසේජ් එක දැක දැකත් ඕෆ් උන ගමන්ම මම ඉක්මනින් බස් හෝල්ට් එකට යන්න ආවා. ඒ අස්සෙ unknown number එකකින් කෝල් එද්දී මං හිටිය මූඩ් එක නිසාම ඒක ආන්ස්ව කරන්නවත් ඕනෙ උනේ නෑ. ඒත් මේ ගන්න එකා මොකා වුණත් ඌ පිස්සෙක්. ඒකනෙ කට් කරන්න කරන්න ආයෙ ගන්නෙ.

Here we meet again🍃💜 (Complete)Onde as histórias ganham vida. Descobre agora