|21|

773 93 5
                                    

මින්හෝ හ්‍යුන්ග් කොරියාවට සම්ප්‍රාප්ත වෙලා දැන් සතියක් !
එදා ටේ මාව කා එකේ දාන් ආවට මම බහිනකනුත් එක වචනයක්වත් කතා කරේ නෑ මාත් එක්ක. ඒකත් කමක් නෑ කියමුකො. මේකා මේ සතියක් තිස්සෙ මාව මඟ අරිනවා. නැත්නම් දැක්කම රවනවා. 😒 මේ පාර නම් මම නිකන් ඉන්නෙ නෑ. බැනුම් අහන්න හරි ගුටි කන්න හරි හිත රිද්ද ගන්න හරි ඕකව ආපහු යාළු කරගෙනමයි පස්ස බලන්නෙ හුම් 😒

උදේ ඉඳන්ම ටේව නැවත යාළු කර ගැනීමේ ඒකායන අරමුණෙන් හිටිය හින්දා වැඩ ඇරුන ගමන්ම ටාර් ගාලා මම කා පාර්ක් එකට ඇවිත් බොසාගෙ කා එක ගාවට වෙලා ගල් පිළිමයක් වගේ හිටගෙන හිටියා . විනාඩි විස්සක් විතර කකුල් රිදෙනකන් හිටගෙන ඉද්දි මගෙ පෙම්බරයානෝ එනවා පස්සත් වන වන.. මංවත් වනන්නෙ නෑ එච්චර 😂 අනේහ් ඉතින් ඔය සේරම මගේනෙ හුම් 😌🍑

"තමුසෙ මොකක්ද මෙතන කරන්නෙ ? "

"මාව ඩ්‍රොප් කරන්න 😒"

ඕන එකක් වෙච්චාවෙ කියලා මගේ කා එක වගේ මම එහෙම කිව්වම ටේ මගෙ දිහා බැලුවෙ අමුතු සතෙක් දිහා බලනවා වගේ. 😒

"තමුසෙට මාව තමුසෙගෙ ඩ්‍රයිවර් වගේ පේනවද 🤨"

"අහ් දැන් බෑ කියලද කියන්නෙ ? 🤨"

එයා වලි නම් මාත් වලි තමා හුම්. ඇයි අනේ මම සාමදානයෙන් මේක බේර ගන්න හැදුවම එයා එනවා මගෙ හැංඟිලා තියෙන යක්ස පැටියව එළියට ගන්න.

"වාතයක් වෙන්න එපා ජන්කුක් ! මට කෙනෙක්ව හම්බ වෙන්න යන්නත් තියෙනවා. "

ටේ එහෙම කිව්වම නම් කොච්චර වැඩ්ඩා වගේ හැසිරෙන්න හිතන් හිටියත් මට දුක හිතුණා .

"සොරි ෆෝ ඩිස්ටර්බින්ග් සර්.. "

ඒ හින්දම මම බෝව් කරලා සමාවත් අරන් එතනින් එන්න හැරුණා. දැන දැනත් කාටවත් වදයක් වෙන්න මට ඕනෙ නෑ.. 😊

"ඒයි.. ඔහොම ඉන්නවා. දැන් කොහොමත් එකයි. නගිනවා ඩ්‍රොප් කරන්නම්. හැබැයි මගෙ වැඩේ ඉවර වෙලා. "

ටේ ඔහොම ඉන්න කියද්දි ඉබේම නැවතුණ මම කල්පනා කරේ මොකක්ද කරන්න කියලා . මගෙ ඇතුළෙ ඉන්න මොලේ තියෙන ජන්කුක් ලොකුකම දාලා මෙතනින් පලයන් කියද්දී හදවත තියෙන මෝඩ ජන්කුක් කිව්වෙම චාටර් උනත් කමක් නෑ ටේ එක්ක පලයන් කියලා . හැබැයි ඒ දෙන්නටම ටේ හම්බ වෙන්න යන්නෙ කාවද කියලා නම් බලන්න ඕනෙ වුණා. අන්තිමට මෝඩ ජන්කුක් කිව්ව දේ අහල මම ටේගෙ මූනවත් නොබලා පැසෙන්ජර් සීට් එකට නැගල වාඩිවෙලා දොක් ගාලා දොර වහලා සීට් බෙල්ට් එකත් දාගෙන ඉස්සර බලන් හිටියා . ඒකත් පුළුවන් තරම් ඔරවගෙන..

හිනාව හංඟන් ඩ්‍රයිව්න්ග් සීට් එකට නැගපු ටේ මගෙ දිහා බලන්නෙවත් නැතුව ඩ්‍රයිව් කරන්න ගන්නවා මම ඇස් කොනෙන් දැක්කා. විනාඩි දහයකින් වගේ ටේ කා එක නතර කරේ ධනවත් මිනිස්සු යනවා කියලා හිතන්න පුළුවන් කැෆේ එකක... මේකෙදි ඔයා කාවද හම්බ වෙන්නෙ ටේ ? ගෑනුළමයෙක්වද ? 🙂

" ඇතුළට යන්න එනවද ? "

" මම ආවට කමක් නැද්ද ? "

ටේ ප්‍රශ්නෙ අහපු ගමන් මම ඇස් දෙකත් බෝල කරන් ටේගෙන් ආවට කමක් නැද්ද ඇහුවෙ එයා මාව එක්කන් යයි කියලා මම බලාපොරොත්තු නොවුණ හින්දා.

"ම්ම් ආවට කමක් නෑ වෙනම ටේබල් එකකට වෙලා මම වැඩේ ඉවර කරගන්නකන් වදයක් නොවී ඉන්න ඕන හරිද.. "

ආයෙමත් මට දුක හිතුණා. මෙහෙම සැරින් සැරේ කියන්න තරම් මං එයාට වද දීලද දෙයියනේ.. 🙂

"කමක් නෑ හ්‍යුන්ග් එහෙනම් වැඩටික කරගෙන යන්න. මම බස් එකේ යන්නම් මෙතන ඉඳන්. thank you මෙච්චර දුර එක්කන් ආවට "

මම එහෙම කියලා ටේ මුකුත් කියන්න කලින් කා එකෙන් බැස්සා. අද මම එයාට පළවෙනි පාරට හ්‍යුන්ග් කිව්වා. 🙂 සමහර විට ඒ අද ගොඩක්ම මගෙ හිත රිදිලා නිසා වෙන්නැති.

මම බහිද්දිම කා එකෙන් බැස්ස ටේ ජන්කුක් කියන් මගෙ පැත්තට එන්න හදපු නිසා සුපුරුදු විදියට මෝඩ ජන්කුක්  පිටිපස්ස හැරුණා. ඒත් එතකොටම මම දැක්කෙ එතනට ආව ගෑණුළමයෙක් එයාගෙ අතින් අල්ලලා නවත්තනවා.. දියසායම් චිත්‍රයක් වගේ මේකප් උලාගෙන හිටියට එයා ලස්සනයි..

"ටේහ්‍යුන්ග් කොහෙද යන්න හදන්නෙ ? "

"ඔහ් කොහෙවත් නෑ ජෙසිකා ! මම මේ ඔයා කෝ කියලා බැලුවෙ "

මාව දන්නෙ නෑ වගේ හැසිරෙන ටේ දිහා බලාගෙන මටම හිනා වුණ මම එතනින් එන්න ආවේ ටේ ඒ ආව ගර්ල් එක්ක කියව කියව කැෆේ එක ඇතුළට යන දිහා බලන් හිටියටත් පස්සෙ.. 😊

***

to be continued 💜

to be continued 💜

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Here we meet again🍃💜 (Complete)Where stories live. Discover now