"හ්යුන්ග්.. "
"............"
"ආයිශ්.. හ්යුන්ග්.. "
"ඔව් හ්යුන්ග් තමයි. තමුසෙ එළි වෙනකන් නිදිද පොඩි ඇටයෝ.. ? "
"අනේ හ්යුන්ග් ඉතින් ඔෆිස් යන්න මෙච්චර උදෙන් ඇහැරෙන්න ඕනෙ නෑනෙ.. "
"හා හා. මම ලබන බදාදා එනවා.. "
"හ්ම්ම්.. අහ්හ් මොකාආආක්...? "
"කන් ඇහෙන්නෙත් නැද්ද දැන් ? මම ලබන බදාදා එනවා ආපහු කොරියාවට.. "
"එහෙමද හ්යුන්ග්.. හරි එහෙනම් පරිස්සමෙන් එන්න. අන්යොන්ග්.. "
එහා පැත්තෙන් ආයෙ මොනවත් කියන්න කලින්ම මම කෝල් එක කට් කරා. ඇත්තටම උදේ පාන්දර මට හම්බ වුණේ සුභම සුභ ආරංචියක්.. ඒක කොච්චර සුභ ද කියනවා නම් ලෑස්ති වෙලා ඔෆිස් එකට ගියාට පස්සෙ මින්ග්යු කිව්වමායි මට මතක් වුණේ අද මාව ස්ථීර කරනවා වගේම කිම් ටේහ්යුන්ග් ඔෆීශියලිම කම්පැනි එකේ චෙයා පර්සන් වෙන දවස අද කියලා. අද ඉඳන් කිම්ලට අයිති හැම කම්පැනි එකක්ම ටේහ්යුන්ග්ගෙ.. 🫠
අහ්හ් මට ආව කෝල් එක ගැන කිව්වොත්.. ඒ කතා කරේ අපෙ ඔම්මගෙ හොඳම යාළුවගෙ පුතා. චෝයි මින්හෝ !! මට අවුරුදු දහ අට පිරුණු දවසෙ ඉඳන් ඒ වදකාරයා අපේ ඔම්මගෙන් ඇවිත් ඇහුව මාව මැරි කරන්නද කියලා . දෙයියනේ මම ගේ බව ඇත්ත. ඒත් ඉතින් මට වඩා අවුරුදු දහයක්ම වැඩිමල් මිනිහෙක් එක්ක දීග යන්න පුළුවන් ද මම අහන්නෙ. ඔන්න මට එයා ගැන ආදරයක්වත් ඇති උනා නන් ටිකක් හරි සළකා බලන්න තිබුණා. 😒 මම කැමති නෑ කියලා දන්න නිසාම ඔම්මා එයාට කිව්වා මම ඉගෙන ගෙන ඉවර වෙනකන් ඉන්න කියලා. ඒ ගමන ඒ මනුස්සයා ඒකට හා කියලා Japan ගියා. ඒ ගිහින් මෙන්න මේකා ආයෙ එනවලු. මම හිතුවෙ දැන් මිනිහා මාව අමතක කරලා වෙන අතක් බලාගෙන ඇති කියලා . මොකද මගෙ බර්ත්ඩේ එකට විශ් කරන්න ඇරෙන්න එයා මට කෝල් එකක් තියා මැසේජ් එකක්වත් දැම්මෙ නෑ. හැබැයි කොහොමද කියලා නොදන්නවා වුනාට මින්හෝ හ්යුන්ග් මං ගැන හැමදේම දන්නවා කියලා මම දන්නවා. 😐 අද ආව කෝල් එකෙන් පස්සෙ මම දැන ගත්තා පොර තාම වැඩේ අත ඇරලා නෑ කියලා 😒.. හුවෑ.. මට ඒ මනුස්සයාව නම් කසාඳ බඳින්න බෑ ඔම්මා.. 😫
YOU ARE READING
Here we meet again🍃💜 (Complete)
Romance"ආයිශ්.. මේ කිම්කාරයගෙ ලොකුකමවල ඉවරයක් නෑනේ සෙද්ද..😒 " *** "හාවෙක් වගේ කොල්ලෙක් තොල් උල් කරන් මට බනිද්දි එන හිනාව හංඟ ගන්නවට මට වෙනම තෑග්ගක් දෙන්න ඕනෙ හරිනම් 😂 " #taekook rpf #sinhala