|07|

861 96 2
                                    


Thank God! අද නම් වෙලාවට ඇහැරුණ නිසා සෝහු කිව්ව ටයිම් එකටම KBS එකට ආවා. Interview එකෙදි මම ටිකක් බයවෙලා හිටියේ . කිම්කාරයා එක්ක සෝහුගෙ අප්පයි තව දෙතුන් දෙනෙකුයිත් හිටියා . ඇත්තටම මම interview එකට ගොඩක් අය ඇවිත් ඇති කියලා හිතුවත් හිටියේ මම විතරයි.. ඒ කියන්නෙ කිම්කාරයා මං වෙනුවෙන් මට වඩා හොඳ අයවත් give up කරලද...ආශ් ඇත්තටම මට මිනිස්සුන්ව තේරුම් ගන්න හරිම අමාරුයි.. 😒

කොහොම හරි interview එක නම් ගොඩ.. හැබැයි ඉතිම් ස්ථීර කරන්නෙ සුපුරුදු විදියට ම මාස හයකින්... ඒත් කලින්ට වඩා සැලරි එක නම් ගොඩක් වැඩි මේ ටෙම්පරි කාලෙත්... මුලින් දෙගිඩියාවකින් ආවත් දැන් නම් හිතට සැනසීමයි...

ඊළඟ දවසෙ ඉඳන් වැඩ පටන් ගන්න කිව්ව නිසා ගෙදර ආව ගමන් ඔම්මා එක්ක ටී පාටියක් දාලා සතුට සමරලා මම කරේ සෝහුට කෝල් එකක් ගත්ත එක.. දවල් වරුවෙ ඌ බිසී කිව්ව නිසාමයි මම හවස් වෙලා ගත්තේ ..
එහා පැත්තෙන් ආන්ස්ව කරපු ගමන්ම මම පටන් ගත්තා මගෙ ස්තූති කතාව කරන්න...

"අඩෝ සෝහුවා... තෑන්ක් යූ සෝ මච් බං .. උඹේ ආදර බර හ්‍යුන්ග් මට ජොබ් එක දුන්නා.. අහ්හ්හ්හ්... දැන් කලින්ටත් වඩා හොඳට ඔම්මටයි මටයි කාලා ඇඳලා ඉන්න පුළුවන් වෙයි.. මම මාර හිතේ කරදරෙන් හිටියේ .. කොච්චර චණ්ඩියා වගේ හිටියත් මේක හරි නොගියා නම් මොනා කරන්නද කියලා හිතාගන්න බැරුව මම හිටියේ ..ඇත්තටම පිං සෝහු...... "

අන්තිම ටික කියද්දි මට ඇඬෙන්න වගේ.. ඇත්තටම සෝහු මේ ජොබ් එක සෙට් නොකර නම් මටයි ඔම්මටයි වැලේ වැල් නැති වෙනවා. කොලිෆිකේශන් තිබ්බට අද කාලෙ ජොබ් එකක් හොයන්න මාර කට්ටක් කන්න ඕනෙ. ඉතුරු වෙලා තිබ්බ සල්ලි ටිකත් ඉවර වෙනවා තව ජොබ් හොය හොය ඉන්න උනානම්...

මම කියවලා ඉවර උනාට එහා පැත්තෙන් සද්දයක් නෑ.. යකෝ මම තනියම අඬ අඬ කියවලද...

"සෝහු ආ යූ දෙයා..?"

බුරුස් ගාලා නහයත් උඩට ඇදලා මම ඇහුවෙ සෝහූ මෙච්චර වෙලා සයිලන්ට් ඉන්නෙ මගේ ශෝකාලාපය අහලා මිනිහට පපුවෙ අමාරුවක්වත් හැදිලද දන්නෑ කියලා හිතිලා..

" සෝහු වොශ් රූම් එකේ... "

මට ඇහුනෙ හරිම ඩීප් වොයිස් එකක්.. ඒක කීයටවත් සෝහුගෙ කටහඬ නෙවෙයි .. පොඩ්ඩක් ඉන්න....... මලකෙලියයි... මම පිස්සෙක් වගේ කියවලා තියෙන්නෙ කිම්කාරයා එක්කද... නෑ නෑ දැන් ඒ මගෙ බොසෙනෙ... හුවෑඈඈ.. විලි ලැජ්ජාවෙ සංතෝසෙ බෑ... මං ඇඬුවත් එක්ක.. 😒👍

Here we meet again🍃💜 (Complete)Where stories live. Discover now