හවස කතා කර ගත්ත විදියට මායි ජිමිනයි කැෆේ එකකදි හම්බ වුණා. ඕඩර් කරපු ජූස් එකත් බොන ගමන් මම හිටියේ විනාඩි පහක් තිස්සෙ කක්කල් කැස්ස හැදිච්ච එකෙක් වගේ බිම පෙරලීගෙන හිනාවෙන ජිමිනා දිහා බලාගෙන ඉවසීම ප්රගුණ කරන ගමන්. ඇයි හත්දෙයියනේ මේ වගේ යාළුවොත් ඉන්නවනෙ මට. හිතේ තියෙන ප්රශ්න ටික විසඳ ගන්න කියලා උගෙන් විසඳුමක් බලාපොරොත්තු වෙද්දි මූ මාව ආතල් එකට අරන් . පම්කයා 😒 තව ටික වෙලාවක් බලලා මම මේකගෙ ජනපද බෝල දෙක ලෙප්ට් කරනවා. හුම්.. 😒
"සො..හහ්..හහ්.. සොරි සොරි කුකී... හහ්... අනේහ් සොරි බං හිනා යනවා මට.. "
ආපහු පුටුවෙන් වාඩිවෙන ගමන් ජිමිනා කියද්දි මම රැව්වා. 😒 කඳුළුත් ඇවිල්ලා මූට හිනාවෙලා වැඩිකමට..
"දැන් මම කිව්ව දේවල් වලින් කොයි කෑල්ලද උඹට ඔච්චර ආතල් ? "
"මෙහෙමයි බං ඔක්කොම වගේ ආතල් හැබැයි අර කිස් කරලා ඉවර වෙලා පණ කඩාගෙන දිව්වා කියපු කෑල්ල තමා ගොඩක්ම ආතල් 😂 "
ආයිශ්.. උඹටත් හොඳ වැඩේ ජන්කුක් හොඳ ම යාළුවා කියලා තියන් ඉන්න එකාට හැමදේම කියනවට 😒 අඩුගානෙ ඒ කොටස එඩිට් කරලවත් උඹට කියන්න තිබුණා.
"හරි හරි ඉතින් මට ලැජ්ජ හිතුණනෙ 😒 "
"වෙන්නැති වෙන්නැති 😂 දැනුත් උඹව රතුවෙලා "
හුවෑ... 😫 ජිමිනා එහෙම කියද්දි මම කන් දෙක අතගාගත්තා.. ඇත්තටම මට ලැජ්ජයි මේ දැනුත් ඒක මතක් වෙද්දි 🙈
"හරි හරි මම දැන් සීරියස් වෙන්නම්.. දැන් උඹට ඕන උඹේ කිම්කාරයා උඹට ලව්ද නැද්ද කියලා දැනගන්නනෙ? ම්ම්ම් ... "
ඔන්න ඕකයි මම ජිමිනට මොනා උනත් ආදරේ.. කොච්චර ආතල් ගත්තා උනත් ඕන වෙලාවට පොර ෆුල් සීරියස්.. ඌ අහපු ප්රශ්නෙට උත්තරේ ඔව් නිසා මම මොකෙක්ද එකෙක් වගේ ඔළුව හෙල්ලුවා..
"ම්ම්ම් එහෙනම් අපි ටෙස්ට් කරමු "
"කොහොමද "
"අපි පෙන්නමු උඹ වෙන කාටහරි කැමති කියලා.."
"අනේ ඕවා කරන්න බෑ බං. වෙන මුකුත් අදහස් නැද්ද ? "
YOU ARE READING
Here we meet again🍃💜 (Complete)
Romance"ආයිශ්.. මේ කිම්කාරයගෙ ලොකුකමවල ඉවරයක් නෑනේ සෙද්ද..😒 " *** "හාවෙක් වගේ කොල්ලෙක් තොල් උල් කරන් මට බනිද්දි එන හිනාව හංඟ ගන්නවට මට වෙනම තෑග්ගක් දෙන්න ඕනෙ හරිනම් 😂 " #taekook rpf #sinhala