|19|

784 92 12
                                    

no ones pov

"කූ..."

"ජන්කුක්.."

"ආයිශ් ජියෝන් ජන්කුක් !!"

*කැහැ කැහැ*

"අහ්හ්.. ඒ ගමන හිර කරගත්තද 🤨"

"🥺"

ජන්කුක් හිටියේ ඇස් දෙකේ කඳුළු පුරවගෙන. ටේහ්‍යුන්ග් කොච්චර කතා කරත් ටිකකට කලින් අතට හම්බ වුණ බනානා මිල්කි එකේ සිහියෙන් හිටිය කොල්ලට ඒක ඇහුනෙ නෑ. අන්තිමට සම්පූර්ණ නමම කියලා ටේහ්‍යුන්ග් කෑගහද්දි මිල්කි එක හිරවුණ පාර කැස්සත් එක්ක කොල්ලට කඳුළුත් ඇවිත් 🥹

"තාම පොඩි එකෙක් වගේ කූ ඔයා.."

"මම පොඩී තමා කෝමත් .. හුම් "

ජන්කුක් ඔරවලා එහෙම කියද්දි ඒ පිම්බිලා තියෙන කම්මුලක් හව් ගාලා හපාගන්න බැරුව ටේහ්‍යුන්ග් වින්ඳෙ එසේ මෙසේ දුකක් නම් නෙවෙයි .. ඒත් ටිකකට ඒ සේරම අමතක කරපු ටේහ්‍යුන්ග් හැදුවේ ජන්කුක්ට තියෙන ප්‍රශ්නෙ මොකක්ද කියලා දැනගන්න.

"කූ දැන්වත් කියන්නකො මට.."

කවදද කියලා නොදන්නවා උනත් ජන්කුක්ට "කූ" කියලා ටේහ්‍යුන්ග් කතාකරන්න ගත්තේ ඒ කියුට් නම කියද්දි රතුවෙන බෝල කම්මුල්වලට ආස හින්දමයි.. මේ පාර නම් ඉවසන් ඉන්න බැරි හින්දම ටේ ඒ සීතල කම්මුලක් ලාවට චුට්ටක් හැපුවේ සෝෆා එකේ දෙන්නා අතර තිබුණ පරතරේ නැති කරලා ජන්කුක්ගෙ ළඟටම ඇවිත් . ඔන්න දැන් ජන්කුක් ඇස් දෙක ලොකූ කරන් ටේ දිහා බලන් ඉන්නවා. කොල්ලට හිතා ගන්න බෑ මොකක්ද මේ එයාගෙ කිම්කාරයට වෙලා තියෙන්නෙ කියලා.

Jungkook's pov

හරි මට පිස්සු .. නැත්නම් මේ මනුස්සයට පිස්සු .. එක්කො අපි දෙන්නටම පිස්සු .. මේ දැන්... මෙන්න මේ දැන්.. කිම් ටේහ්‍යුන්ග් කියන කෙනා මගෙ කම්මුලක් හැපුවා.  දෙයියනේ ඔම්මා ඔයාගෙ චූටි පුතාගෙ පතිවත නැතිවුණා.. හුවෑ...😫

"කූ.. ප්ලීස් බේබි.. මෙච්චර අහලත් කියන්න බැරිද ම්ම්.. "

හරි ඔම්මා ඔයාගෙ පුතාගෙ බොස්ට ඇත්තටම පිස්සු .. නැත්නම් මම වගේ සුකුමාල කාටවත් වරදක් නැති ළමයෙක්ට පිස්සු වෙන්න බෑනෙ. නැත්නම් මගෙ කනේ ඖලක්.. ඒකනේ ටේ මට බේබි කියනවා වගේ මට ඇහුනෙ. කූ කියලා ඒ ඩීප් වොයිස් එකෙන් ඇහෙද්දි කෙලින් වෙන මයිල් ටික ඩබල් අප් උනා බේබි කියද්දි.. 🥲 කොයිකටත් කියලා මම ටේගෙ නලලට අත තියලා බැලුවා රස්නෙයිද කියලා . කියන්න බෑනෙ මේවා උණ විකාරෙන් කියවන ඒවද දන්නෑනෙ.

Here we meet again🍃💜 (Complete)Where stories live. Discover now