Chapter 6

583 64 20
                                    


" එහෙනම් මිස්ටර් දුෂ්මන්ත් අද ඉදන් ඔයාට මගෙ කොල්ලාව භාරයි..මන් විශ්වාස කරනවා ඔයා එයාට හැමදේම හොදින් කියලා දෙයි  කියලා..එහෙනම් අදින් පස්සෙ මට හිත නිදහසේ ජීවත් වෙන්න පුලුවන්..හාහ් හාහ් හා.."

හැච හැච තමා..නාකී මීමින්නා..තේජුට මොකටද පිට උන්ගෙ උදව්..අජ ඉජම් මජෙ කොජ්ජාව ජාරයි..එව්ව්..නාකි ඌරුජුවල්..ආආආ....මට කේන්තී යකො..සීයාපපා නිකන් හැසිරෙන්න මගුල් පෝරුව උඩට මනමාලි කැන්දන් ආපු අප්පුච්චා වගේ... කලු ලෝගුවක් ඇදන් වම් අතෙන් කොහු මිටකට ගහපු කැත්තක් අරගත්තු ඇටසැකිල්ලෙක් වගේ ඉන්න දුෂ්ශන්තාට අද ඉදන් මගේ දරුවා ඔයාට භාරයි පණමෙන් රැකගන්න කියලා කන්නලව් කරනවා..මම තේජු යකෝ..මාව මොකටද එක එකා බලන්නෙ..නාකි මීමින්නෝ තොට මේවට විදවන්න වෙයි..මන් පලිගන්නවා..ඉදපන්කො මංජු සීයා ලංකාවට එනකන්..මගෙ වස්තුවේ ඉක්මන්ට වැඩපිය..මේන් ඔයාගෙ ආදර ඇටයා මාව විනාශ කරන්න හදනවෝ..

වාසනාවකට වගෙ මට පවුල් දෙකෙන්ම පේන්න පුලුවන් මංජු සීයාව විතරයි..අනිත් උන්ව ඇහැට තුත්තිරි ඇනෙනො වගේ..මාව ඩැඩීට දුන්නාට මොකො මංජු සීයත් මා එක්කම එහෙට ආවා..ඒත් මනුස්සයාට මිනිස්සු ඇලජික් නිසා මාම් එක්ක කොහුවලු පටලවගෙන අපෙ ගෙදරට ඉස්සරාහින් ගෙයක් ගහන් ජීවත් වුනා..ඉස්සර මාව බෙදාගන්න බැරුව ගෙවල් දෙකෙන් වලි..මංජු කියනවා 'තේජු අද කන්නෙ මෙහෙන්'..මාම් කියනවා 'නෑ තේජු අද කන්නෙ මගෙන්'.. ඔහොම දෙන්නා අතරෙ මන් දෝලනය වෙද්දි සුපර් ශිවා වගේ මාව බේරගන්න ඩිෆෙන්ඩර් එකෙ නැගලා මගේ ඇමතිමෑන් පියාබලා එනවා..ඇවිත් 'අද තේජු කන්නෙ මගෙන්' කියලා  එක්කගෙන යනවා..ඒ කොටසට තමා මන් ආසම..ඩෑඩිඔ ඉතින් මාම් වගේ නෙමෙයි බත් කන්න බෑ කිව්වොත් වටේම තීන කඩවල් වලින් එක එක ජාතියෙ කෑම උස්සන් ඇවිත් කවන්න හදනවා..ඒකට මාම්..මන් කන්න අදිමදි කරොත් ' උබ මේක කනවද..නැත්තන් උබේ ඩැඩියාව වෙන එකෙක්ට දෙන්නද..' ඕන් ඔච්චරයි..ඉතින් තේජු කනවා..පොඩිකාලෙ ඉදන්ම එක දුර්වල කමයි..ඒ ඩෑඩී..එයා වෙනුවෙන් මිනියක් මරන්න වුනත් මන් දෙපාරක් හිතන්නෑ..

"තෙජූ.."

මොනා නැති වුනත් මට ඩැඩීව නැති කරගන්න බෑ..

ද්විත්ව (දෑගිලි ll)🦋💓Where stories live. Discover now