සමහර මිනිස්සු ඉන්නවා එයාලාව දැක්කාම ආත්මෙට පුදුමාකාර සනීපයක් දැනෙන...
එහෙම මිනිස්සුන්ව දුර ඉදන් දැක්කත් ඇති හිත නිවෙනවා..
බලන බැල්මක පවා මනසට ආශ්වාදයක් ඇතිවෙනවා..එයාලගෙන් හමන ආත්මීය සුවද..ඒ සුවදට පුලුවන් හදවතේ කපාට තදින් වෙලාගන්න..තනිකරම මනසේ දළුලා වැඩුන ඖෂධීය පැළෑටියක් වගේ..
ස්පර්ශයක්වත් නැතුව ඒ මිනුස්සුන්ට අපේ ආත්මයට මෙච්චරම බලපෑමක් කරන්න පුලුවන් නම්....
ස්පර්ශයකින් නිවෙන විදිහ මේතරම්ය කියලා කියාගන්න බැරි තරම්...
ජිවිතේ හැම කෙනෙක්ටම අඩුම තරමෙන් ඒවගේ එක මනුස්සයෙක්වත් මුණ ගැහෙන්න ඕනි..
හරියට මට එයා ඉන්නවා වගේ හැම මනුස්සයෙක්ගෙම ජීවිතේ එහෙම සුවදායි ආත්ම සහයකයෙක් ඉන්න ඕනි..දැන් වෙලාව දෙකේ කනිසමත් පහුකරලා ගිහින් ඇති..එත් මෙතන මිනිස්සුන්ටනම් ඒ ගැන හාන්කවිසියකවත් වගක් නැහැ වගේ..
මමා , පපා , ඩැඩි , අයියා , සෙපාල , එරික් ශෙරිල් , දුසා අංකල් ඒවගේම මදිපාඩුවට ආර්ය සීයා එක්ක මගේ සුදුසීයාප්පච්චි මංජු බබාත් ඇවිල්ලා උන්නා..
එයාලා ඔක්කොම ලොකූ කතාවල..
මමා හැමදාම වගේ පපාගෙ ඔඩොක්කුවෙ වාඩිවෙලා ඉදන් හරි හරියට කියවද්දි සමහර දෙවල් පලවෙනි වතාවට අහනවා වගේ හරි උනන්දුවකින් පපා අහගෙන ඉන්නවා..මමා සිහියක් නැතුව කියවන් යනවා..එයා දන්නෑ එයා ලිස්සලා වැටෙන්න යනවා කියලාවත්..නෑ සමහර විට එයා දන්නවා..ඒත් ගණන් ගන්නෑ..මොකද එයා දන්නවා ලෝක විනාසෙ වෙන්න ආවත් පපා එයාට වැටෙන්න නොදෙන බව..එයා පපාව විශ්වාස කරන තරම මන් හිතන්නෙ එයාවත් හරියට මෙච්චරක්ය කියලා දන්නෙ නැතුව ඇති..'පපා'.. එයා මන් දැකපු හරි ආදරණීය පිරිමි පරානයක්..එයා තරම් මමාව තේරුම් ගත්ත කෙනෙක් තවත් නැතුව ඇති..මමාගෙ හැම සියුම් දෙයක්ම එයා ඉක්මන්ට අල්ලගන්නවා..පුදුම විදිහේ ආදරණීය බවක්..පුදුම විදිහේ තේරුම් ගැනීමක්..හරි කලාතුරකින් පිහිටන විශේෂ හදවතක් එයාට තියෙන්නෙ..
හරි ආදරණීයෙක් මේ විදිහ වෙන්නැති..
ඒ සා ඉවසීමක් ඒ සා කැපවීමක් මමා වෙනුවෙන් දරන්න මේ සංසාර කන්නෙදිම පුලුවන්කම තියෙන්නෙ එයාට විතරයි..