Chapter 23

456 58 10
                                    


"තෙජුවෝ දැන් උබ  අද රෑට අර සිල්වා කාරයාගෙ පාටියට යනවද බන්..මන් නම් කියන්නෙ උබ ඕකට නොයා ඉදින් බම්ලො...ඌප්ස් සොව්රි පුතේ.."

"කියපන්කො කොල්ලො උබ යනවද නැද්ද.."

"බලන්න ඕනි මාම්..ඔන්න ඔය මස් කෑල්ලක් දාන්න.."

"කාපන් කාපන් උබට මස්ම තමා ගිල්ලන්ඩ ඕනි..ඉදපන් හෙට අනිද්දාම මන් දඩමස් ටිකකුත් කැලෑ පොජ්ජට මංගච්චලා ගෙනත් ගිල්ලන්නම්කෝ උබට.."

" එකියන්නෙ උබ යනවා.."

"ම්ම්ම්..යන්න තමා හිතාගෙන ඉන්නෙ.."

"ආ..පලයන්කො පලයන්කො..උබ ගිහින් එන්නෙත් ගෙදරටනේ..අම්මපා කොල්ලො උබ ඔහෙ ගිහින් වින්නැහියක්-.."

" බේබි එපා..තේජුට කන්න දෙන්න..කොල්ලා දන්නවා කරන්න ඕන මොනවද කියලා..මටත් ඔයින් මස් කෑල්ලක් දාන්න.."

"ආ..හරි සෝක් වෙරි ගුඩ්..උදාරයි බුද්දික පුතයි මහා බුද්දිකයාගෙයි කෙරුවාව..උබත් මස් කාපන් මගෙ මිනිහෝ..දැන් මස් කාල රෑට මගෙ තම්මැට්ටන් කාපන්..මන් කියන්නැ අයියේ තවුසෙටත්..තෙජු මොනවා හරි කරන් ආවොත් ඒකට උත්තර බදින්නත් ඔය මහත්තයා දත කට මැදන් බලාන් හිටියොත් තමා හොද..ඔය කවුරු කවුරුත් අවසානෙ එන්නෙ මා ගාවටනේ..බලාගමු හරී..."

ඉතිම් තවත් සුන්දර උදෑසනක මනරම් අන්දමින් උදෑසන ආහාරය බුක්තිවිදින ගමන් මාම්ගෙ කන්දොස් කිරියාවත් අහගෙන දවස පටන් ගන්නයි මේ සූදානම...

දුසා උස්සන් ආපු ගින්නෙන් පයර් වෙච්චි මාම් ඊයේ දවාලෙ ඉදන් ෆුජීසන් සක්‍රීය වුනා වගේ පුපුරනවා..දැන් නම් ලාවත් ගලනවා ඔන්න...

මංජු සීයා ඉන්න හන්දා අද ආර්ය සීයා බේරුනා..නැත්තම් මෙතනට එයාවත් අහුවෙලා එයාටත් මෙ දුක විදින්න වෙනවා..මුලදි මුලදි මමාට පාට් දාන් ආවට මොකද පහු පහුවෙද්දි ආර්ය සීයත් මාම්ගේ කටට හුරුවෙලා එයා එක්ක තර්ක නොකර පැත්තකට වෙලා ඉන්න එක නුවාණට හුරුයි කියන එක වටහා ගත්තා..

මාම්ගෙ කටට ගහන්න එකෙක් මේ මීගස්තැන්න පරම්පරාවෙත් නැතුව ඇති..

අද රෑ වෙනකන්ම මාම්ගේ තොයිලේ අහගෙන ඉන්නවෙනවා..එයා ඔය හදන්නෙ කොහොම හරි මන් යන එක නවත්තන්න..පිස්සු කොල්ලා..එයා බයයි මන් සිල්වාකාරයන්ගේ නෙත් මානෙට අහුවෙනවට..

ද්විත්ව (දෑගිලි ll)🦋💓Où les histoires vivent. Découvrez maintenant