Chapter 13

493 71 31
                                    

මන් උන්නෙ කෑම මේසෙ වාඩිවෙලා..ඩැඩී ඉන්නෙ මට හැතැම්මයක් ඈතින්..මාම්ට සූනියම් යකින්නි වැහිලා දැන් ටිකකට කලිම් විසාල නෛයාඩගමක් ඉදිරිපත් කරා..ඒක දැකලා අහකබලායන දෙවියොත් කම්පාවෙලා මහා වැස්සක් ඇදහැලුනා..

යොහ් ඇයි මහා බඩාට මාම්ව මවද්දි මොලේ දාන්න අමතක වුනේ..මේක පතරංග විපතක් වීගෙනයි එන්නෙ..

ඩැඩියා අහක ඉදන් මාව රොස් කරන් කන්න සයිස් මා දිහා ඔරොප්පුවෙන් ඉන්නවා..

යකූ මට රවන්නෙ..අසරණ මටනේ මුන් වෙනස්කම් පාන්නෙ..

පැයකට කලින් තරගෙට යන ප්‍රයිවට් බස් දෙකක් වගේ මගේ උත්තම පුරුසයයි මව්බිසවුන් වහන්සෙයි ඇරගන්ඩ ගියා..

එලාර දුටුගැමුනු පරදා තව ටිකෙන් ප්‍රෞඪ ඉතිහාසෙට නම තියනවා ඒ දෙන්නා..

අතර මැදින් වෝටර් බෝයි විදියට යන්න හදාපු මන් කොන්දට ලුනු දෙහි පදමට හදාපු සම්බෝලෙත් කාලයි අහකට වුනේ..

කාව පරාද කොරත් පිට පිට සමස්ත සැමියා ගෘහණි තරගෙන් සම්මාන දිනපු මාම්ගෙ කට හන්දා මන් ලොප් වෙලා කොන් වුනා..

ඔලුව බේරන් ආවා විතරයි නැට්ට ගිනි අරන්නෙ..යකො ඩැඩියා හන්දා මුහුදු පතුලටම ගිහින් හැරිලා ඇවිත් දීගේ බේරගත්ත සතුට නිදහසේ පපුව පුරෝලා විදගන්නත් කලියෙන් මගේ මිනිහාව අරන් යන්න වල් අඩියෙක් කඩන් පාත් වුනානෙ..

ඕයි ඉරණම මගේ ජීවිතේ හරියට ඉන්දියන් ටෙලිඩ්‍රාමා එකක් වගේනේ යකෝ..ප්‍රශ්න පිට ප්‍රශ්න..එකක හුස්ම යන්නත් කලියෙන් තව මරාලයක්..අඩො වයි බන්ග් මෙහෙම..

" තේජූ මොකද උබ අතගගා ඉන්නේ කාපල්ලා ඕක.."

කන්න කන්න නෙමෙ මට වහකන්ඩ හිතිලා තියෙන්නෙ..ඇයි හත්දෙයියනේ මාර කෙලියක් වුනානෙ..ඩැඩියා ගාවින් වාඩිගන්න හදද්දි පුක පැලෙන්න පිගානෙන් ගහපු මාම් මාව මේසෙ කොනටම එක්කරන් ගිහින් ඩැඩියාව පේන්නැතිවෙන්න පුටුවත් එයාගෙ පැත්තට හරවලා වාඩි කොරොලා කොතක් සයිස් බතක් දුන්නා මදිවට දැන් කන්නෑ කියලා ආඩපාලිත් කියන්න එනවා..

මන් ආපු කේන්තියට මස් කෑල්ල මිරිකුවා කට්ට පනින්නම..

" ආ..ආ..මොකද ඔය..බලපන් තෝ නොදරු පිංචා කියලද හිතාන ඉන්නේ ..වටේම බත්..ඇච්චොත් කනෝ යකො ඔයිට වඩා ලස්සනට.."

ද්විත්ව (දෑගිලි ll)🦋💓Where stories live. Discover now