Chapter 17

522 69 15
                                    

"රශීයෝ...කෝ මේ දරුවා..ආ මේ ඉන්නෙ හොර ගෙඩ්ඩා..ආ මේක ඔයාට..ඕක කකා මෙන්න මේ ටී එක බොන්න.."

" ආහ් සුදු අයියා..මේ මොනාද මේ.."

මන් මෙහාට ආපු වෙලේ ඉදන් උන්නේ නුගවෙල වලව්වේ තියෙන පුංචි මල් වත්තට වෙලා..

මන් හිතන්නෙ දැන් පහට කිට්ටු කරලා ඇති..නුවර අහස තැඹිලි පාටට බැබලෙද්දි හමාගෙන ආපු හීන් සුලං රැල්ල ඇගේ වැදි හිතට තට්ටු කරා..

ඉතිම් මේ වසත් ඍතුව.....

වසන්තය කියන්නෙ ආදරයට තවත් නමක්ලූ..මේ උදාවෙන්නෙ ප්‍රේමවන්තයන්ට ඉතා හොද කාලයක්..ආදරෙ වැඩිවෙන්න..නැති ආදර හිමිවෙන හරි සුන්දර කාලයක්..

මේ පුංචි මල් වත්තේ තියෙන මැයි මාර ගහ යට නිදන් අහස දිහා බලන් උන්නු මන් ගාවට සුදු බේබි ට්‍රේ එකකුත් උස්සගෙන එද්දි එයාව දැකපු මන් කෙලින් වෙලා ගස් කදට හේත්තු වුනා...

වෙසක් මාසෙ ලගයි..ඉතිම් මුලු ගහමත් , ගහේ බිමත් රතූ පාටින් පිරිලයි තිබුනේ..බිම හැමතැනම හුලගට ගහගෙන ගියපු මැයි මල්...

මල් නොපෑගෙන්න පරිස්සමට අඩිතියන් ආපු එයා ලග තිබුන බංකුවෙන් වාඩිවෙලා මගේ අතට කැන්ද කොලේක ඔතාපු සුදු පාට කැවුමක් වගේ දෙයක් ගෙනල්ලා දුන්නා..

උණුම උනු සුදුපාට කැවුමක්..මමා මේක ගැන දන්නවද දන්නෑ..සුවදයි..

" ඔය කිරි වන්ඩුනේ ලමයෝ..මීට කලින් කාලා නැද්ද.."

යොහ් කිරි වන්ඩුලු..මෙච්චර කල් එක එකාට වන්ඩුවා ගගා බැන්නාට මොකද අදනේ තේජුවො උබ කිරි වන්ඩුවක් හරියටම දැක්කේ...එයා මීට කලින් කාලා නැද්ද කියලා අහද්දි මම නෑ කියන්න ඔලුව වැනුවා..

" හරි අපරාදයක් අනේ..වන්ඩු ට්‍රයි කරලා නැද්ද..උහ්හ්..හව් සෑඩ්..කාලා බලන්නකෝ ආස හිතෙයි..අනික මේ වලව් කිරි වන්ඩු..කන්න කන්න ඉතිම් ඕකෙ ඔච්චරට බලන්න දෙයක් නෑ.."

"බලාගෙන කට පිච්චෙයි පිඹලා කන්න.."

"ම්ම්ම්ම්ම්...රසයි..ආහ්..උණුයි නේ.."

" කිව්වා විතරයි..හුගක් රස්නෙද..මන් බාපු ගමන් උස්සන් ආවේ..රසයි නේ..ඒකනෙ මම කිව්වේ..ආසවෙයි කියලා..ආ මේ කිරි තේ එකත් බොන්න.."

ද්විත්ව (දෑගිලි ll)🦋💓Where stories live. Discover now