Their Goddess ♥️ 01

110 8 0
                                    

Words counted : 1.663K

M/n - Mother's Name
Y/n - Your Name
______________________________________


බොහෝ දෙවිවරුන් සහ දෙවගනන් මුහුදට අධිපති පොසෙයිඩන්ගේ මාළිගාවේ විශාල මණ්ඩපයට එක් රැස් වී සිටියා...වෙනත් අහඹු වේලාවක නම් ඔවුන් කැදවූයේ ඇයි දැයි යන්න පිළිබද ඔවුන් පුදුම වනු ඇත...

නමුත්...සත්‍ය වශයෙන්ම මෙවර ඔවුන් කැදවීමේ හේතුව නම් කිසිසේත්ම අහඹු අවස්ථාවක් නොවේ...

"ඔහ්...ඇත්තෙන්ම පොසෙයිඩන්ගේ උතුමාණන්ගේ උපන්දිනය සැමරීම ආශිර්වාදයක්...නේද Y/n..."

Y/n, M/nගේ දියණිය තමන්ගේ මව දෙස බලා දීප්තිමත්ව සිනාසුණා...

"ඔව් අම්මා...ඒත් මන් දන්නේ නෑ...එතුමා මගේ තෑග්ග ගැන සතුටු වෙයිද කියලා.."

Y/n කෙදිනකවත් භයානකම දෙවිවරුන්ගෙන් කෙනෙකු වන මුහුදට අධිපති පොසෙයිඩන් මුණ ගැසී තිබුනේ නැහැ...ඔහුගේ හැඩරුව, කුමන අයෙක්ද පිළිබදව කිසිම දෙයක් ඇය දැනසිටියේ නැහැ...

පොසෙයිඩන් හෝ තමන් වටා සිදුවන කිසිම දෙයක් පිලිබද නොදැන සිටීමට එකම හේතුව වන්නේ ඇගේ මව M/nය...ඇයගේ මව තමන්ගේ ආරක්ෂාව සදහා ඕනාවටත් වඩා වෙහෙසෙයි...ඇයට ඒ සදහා තමන්ගේ මවට දොස් පැවරීමට අවශ්‍ය වුවත්..එය නිසි දෙයක් නොවේ...

M/n නිරතුරුවම තම දියණියට පවසන්නේ කිසිම දෙවියෙකුගේ හෝ දෙවගනකගේ රාගික බැල්මක් තමන්ගේ දරුවා මත වැටීමෙන් වැලකීමට මේ සියලු දේ කරන බවයි...

අවාසනවට Y/n රාගය වචනයෙහි තේරුමවත් දැන නොසිටියාය...කිමද මාතෘ දෙවගන ලෝකයේ පවතින දුෂ්ටකම්වලින් තමන්ගේ දියණිය ආරක්ෂා කිරීමට සැමවිටම කටයුතු කලාය...M/n, තම දියණිය ආරක්ෂා කරනු ලබන පලිහක් වූණි...මේ හේතුවෙන් දුෂ්ට ලෝකය තුල Y/n ඉතාමත් පිරිසිදු, අහිංසක හා යටහත් පහත් ගති පැවතුම් සහිතව දිවිගෙවූ දෙවගනකි...

"ඒවා හිතන්න එපා දුව..."

මාතෘ දෙවගන තම දරුවා වටා අත ගෙන ගොස් තමන්ට ළන් කරගත්තා...කිසිම දෙවියෙකුට තම දියණියට ළං වීමට ඉඩ නොතැබීම සහ ඇයව ආරක්ෂා කරගැනීම ඇගේ එකම අභිප්‍රාය වූවා...

Their Goddess ✔️Where stories live. Discover now