Their Goddess ♥️ 07

20 4 0
                                    

Words counted : 1.110K

M/n - Mother's Name
Y/n - Your Name

(Y/n, Poseidon, Hades හිතන දේවල් Italics කරලා තියෙන්නේ...)
______________________________________

Y/n ඒ කාලය අතරතුර හේඩීස්ගේ මාළිඟාවේ හෝ පොසෙයිඩන්ගේ මාළිඟාවේ මාරුවෙන් මාරුවට රැඳී සිටියා...ඔවුන්ගේ එකඟතාවයට අනුව ඇයව බෙදාගන්නට විය...

Y/nට එය දැනෙන්නේ කෙසේදැයි කිවහොත්,
ඇය ඒ විධි විධාන සමඟ ජීවත් වීමට පුරුදු වූවාය...

ඒ ඇයට කවුරුන් හෝ බල කිරීමක් කල නිසා නොවේ...එලෙස ජීවත් වීම හොඳ බව ඇයටම වැටහෙන්නට වුනා...එය එතරම් නරක නොවේ...

ඇයගේ මවට තවදුරටත් ඇය මතක් නොවූවා...නමුත් y/n, ඇය හා තම මව අතර ඇති සොඳුරු මතකයන් මතකයේ තබා ගැනීමට සමත් වුනා...ඇය තමාගේ මතකය ඉවත් නොකරන ලෙස පොසෙයිඩන්ගෙන් ඉල්ලා සිටියා...

වාසනාවකට මෙන්...පොසෙයිඩන් 'නිෂ්ඵල' ලෙස හදුන්වන දේ ඇයගේ මතකයේ තබා ගැනීමට ඉඩ දෙන මෙන් ඔහුට ඒත්තු ගැන්වීමට හේඩීස් සමත් වුනා..

ඔව්...

ඇය එසේ ජීවත් වීමට වාසනාවන්ත වුනා...දෙවිවරුන් දෙදෙනා කොයි මොහොතකවත් ඇයට හානියක් කළේවත් බලපෑමක් කලේවත් නැහැ...

ඔවුන් සිදු කළ එකම දේ වන්නේ...ඇයගේ කම්මුල් සිප ගැනීම...වැළඳ ගැනීම...ඇවිදින ඇයගේ අතින් අල්ලාගනිමින් මනුෂ්‍ය සහ දේව ලෝකවල ස්වභාවය පෙන්වීමට ඉඩ සැලැස්වීම පමණි...

ඔව්...ඇත්ත වශයෙන්ම...වාසනාවන්තයි තමා-

"Y/n"

තරුණ දෙවඟනගේ සිතුවිලි දාමය බිඳහෙළමින් හේඩීස් ඇයට කතා කරන්නට විය...

ඔවුන් දෙදෙනා මේ මොහොතේ පොසෙයිඩන්ගේ මුහුද යට මාළිඟාවට පැමිණ  සිටියා...ඇත්තටම එය විශේෂ අවස්ථාවක්...සහෝදරයන් දෙදෙනාටම එකම මොහොතේ ඇයව අවශ්‍ය වීම එයට හේතුවක් වුනා..

ඔවුන් තිදෙනාම පොසෙයිඩන්ගේ විශාල පුස්තකාලය තුළ නිහඬව කාලය ගත කරන්නට වුනා...Y/n සිටියේ තමන්ගේ මවට තමන් අමතක වූ බව දැනගත් ස්ථානයේමය...

Their Goddess ✔️Where stories live. Discover now