Their Goddess ♥️ 02

40 6 0
                                    

Words counted : 919

M/n - Mother's Name
Y/n - Your Name
______________________________________


හේඩීස් තමන් ඉදිරිපිට සිටින තරුණ දෙවඟන දෙස බලා සිටියා...ඇය තමා අත තිබූ ත්‍යාගය දෙස බලමින් බයෙන් වෙව්ලන අයුරු ඔහුගේ දෙනෙතට හසුවුණා...

ඇත්තෙන්ම හේඩීස් ඇයගේ ත්‍යාගය පිළිබඳ යම් තරමක පුදුමයට පත් වුනා...අයිස් රෝස මලක් වුවත් එය තවමත් දිය නොවුණු නිසා...

"ඔයාලා දෙන්නා මම හා සියුස් එක්ක ගියා නම් හරිනේ? එතකොට බය වෙන්න දේකුත් නෑනේ.."

මාතෘ දෙවඟන සුසුමක් පිට කර, බයෙන් වෙව්ලන තම දියණිය දෙස බැලුවා...

"ඔව්...අපි එහෙම කරන්නම්..."

M/n ඉදිරි දොර වෙත යද්දී හේඩීස් y/nගේ උරහිසට තට්ටු කලා...ඇය හේඩීස් දෙස ඇයගේ ලැජ්ජාව පිරුණු දෙනෙතින් බලා සිටියා...

"මතක තියාගන්න...අපි පොසෙයිඩන්ව තනි තනිවම හම්බවෙන්න ඕනි...ම්ම්ම්...එතකොට ඔයා ඔයාගේ කකුල් දෙකෙන් හිටගෙන එයා ඉස්සරහා පෙනී ඉන්න ඕනි...මේ පාර අම්මගේ පිටිපස්සේ හැංගෙන්න බෑ...තේරුණාද?"

"ම-මං දන්නවා..."

ඇය මිමිණුවා...තමාගේ අතෙහි වූ නටුවක්, පත්‍ර හෝ කටු නොමැති රෝස මල දෙස බලා සිටියා...සාමාන්‍ය අයිස්වලින් සෑදූ රෝස මලක් බැවින් ඉතා පහසුවෙන් කැඩී බිඳී යා හැකිව තිබුනා..

"එන්න y/n..."

හේඩීස් තමන්ගේ අතක් ඇය වෙත දිගු කලා...වෙව්ලමින් තම අත ඔහුගේ විශාල අත මත තැබූ පසු හේඩීස් තමන්ගේ ඇඟිලි ඇයගේ ඇඟිලි අතරින් යවා තද කරගනිමින් ඉදිරියට ගියා...

M/n, හේඩීස් සහ ඇයගේ දියණිය එන තුරු බලා සිටියා...

"සියුස් කොහෙද?"

හේඩීස් සිනාසුණා...

"ඔහු දැනටමත් එහි ඉන්නවා ඇති-"

හේඩීස්ට තම වාක්‍ය සම්පූර්ණ කිරීමට ඉඩ නොදී එක්වරම දොර හැරුණා...ඔවුන් දෙසට පැමිණි දෙවියාගේ තිබූ හෘදයාංගම සිනාව ඔහුගෙන් අතුරුදහන් වූවා...

Their Goddess ✔️Tahanan ng mga kuwento. Tumuklas ngayon