Their Goddess ♥️ 06

25 5 0
                                    

Words counted : 761

M/n - Mother's Name
Y/n - Your Name

(Y/n හිතන දේවල් Italics කරලා තියෙන්නේ...)
______________________________________


"ස-සමාවෙන්න..සමාවෙන්න..කරුණාකරලා"

Y/n ඇය අසල සිටි දෙවිවරුන් දෙදෙනා ඉවත් කළ අතර දෙපා අද්දවමින් දොරටුව දෙසට ගමන් කළා...ඇය තම දෑත්වලින් විශාල දොරටුවේ අගුළු තදින් අල්ලාගෙන වේගයෙන් දොර විවෘත කිරීමට තල්ලු කරන්නට වුනා...

'මතකය ඉවත් කරලා...මගේ අම්මගේ මතකය ඉවත් කරලා

එයාලා මේ කරන්නේ දරුණු විහිළුවක්...එහෙම නේ? ආයෙමත් සාදයට ගිහින් අම්මාව බැලුවොත් මේ හැමදේම හරියාවි

ඊට පස්සේ...ඊට පස්සේ හේඩීස් ඇවිල්ලා එයා කරපු විහිළුවට හිනාවෙයි...පොසෙයිඩන් 'ඇත්තටම ඔයා ඒ විහිළුවට රැවටුණාද' කියලා මගෙන් අහයි

හරිනේ!?? එහෙම වෙයි නේ?!!

විශාල ද්වාරය ඇය වෙනුවෙන් විවෘත වුනා...මුළු මණ්ඩපය සාදයෙන් මත් වූ දෙවිවරුන්ගෙන් දෙවඟනන්ගෙන් පිරිලා හිටියා...

'අම්මා...එයා කොහෙද?'

ඇය පිස්සුවෙන් මෙන් මාතෘ දෙවඟන සොයන්නට පටන් ගත්තා...තම මව දක්නට නොලැබෙන මොහොතක් පාසා ඇයට දැනෙන්නට වුනා තමන්ගේ හුස්ම හිරවෙන්නට ආසන්න වගක්...

'අතන!!!!'

ඉතා අලංකාරවත් දෙවඟනක් දෙසට Y/nගේ දෙනෙත් යොමු වුනා...ඇය තම ධෛර්යය වඩවා ගනිමින් අතක් ඒ දෙවඟනගේ උරහිස මතින් තැබුවා...තරුණ දෙවඟනගේ දෑස් පොඩි දරුවෙකුගේ බලාපොරොත්තු පිරුණු දෑස් මෙන් මතක ගිලිහී ගිය තම මව දෙස බලා සිටියා...

"අම්මා-"

"හහ්?! ඔහ්, ඔයා සිරිත් විරිත් දන්නේ නැද්ද? හෙලෝ දරුවෝ...කවුරුහරි හම්බවෙන්නද ආවේ...?"

ඇයගේ බලාපොරොත්තු සුණුවිසුණු වී යන්නට වුනා...ඇයගේ මුහුණ කම්පනයෙන් හා දුකින් පෙළෙන්නට වුනා...

"අම්මා--"

"සමාවෙන්න M/n...මගේ ආදරණීය බිරිඳට හැමවෙලේම වුවමනා වුනා ඔයාව හම්බවෙන්න..."

Their Goddess ✔️Where stories live. Discover now