Their Goddess ♥️ 03

34 6 0
                                    

Words counted : 1.194K

M/n - Mother's Name
Y/n - Your Name

(Y/n හිතන දේවල් Italics කරලා තියෙන්නේ...)
______________________________________


Y/n විශාල ද්වාරය අසල සිටගත්තා...එය ඉබේම ඇය වෙනුවෙන් විවෘත වුණා...ඇය බිම බලාගෙන කුටිය තුළට ඇවිද්දා...ඉක්මනින්ම ඇය ඇතුලට ගිය මොහොතෙම ද්වාරය වැසුණා...

Y/n ඔලුව උස්සා වටපිට බැලුවා...එම කාමරය ඉතා විශාල වූ අතර ජනේල ඉතා පැහැදිලි ලෙස ඔප දමා තිබුණා...ජනේල අතරින් පිටත බැලූ විට සියළු සාගර ජීවීන් ඒ මේ අත පිහිනන අයුරු දකින්නට පුළුවන් වුනා...කාමරය සුදු පැහැ වූ අතර කිරිගරුඬ කුළුණුවලින් ඔසවා තිබුණි...ජනේල නිල් පැහැ තිර රෙදි එල්ලා ඇති අතර කාමරය මැදින් දිගු මේසයක් තිබුණි...

එහි තිබුණේ තෑගි තුනකි...එකක් සියුස්ගෙන්...දෙවෙනි එක හේඩීස්ගෙන්...තුන්වෙනි තෑග්ග ඇයගේ මවගෙන්...එහෙනම් තරුණ දෙවඟනගේ තෑග්ග හතරවෙනි තෑග්ග වෙනවා...

Y/n තමන් ඉදිරිපිට තිබෙන දිගු මේසයේ කෙළවර සිටින පුද්ගලයා දෙස නොබලා තමන්ගේ පාද දෙස පමණක් බලා සිටියා...

"පොසෙයිඩන් උතුමාණෙනි..."

තරුණ දෙවගන තම හිස නවා ආචාර කලා...

"මම Y/n, M/nගේ දියණිය...ම-මම සාමාන්‍ය දෙවඟනක්...මං ඔබව හමුවෙන පළවෙනි අවස්ථාව වුනත්...ඔබතුමාට මං තෑග්ගක් ගෙනාවා...ඒ වගේම...සුබ උපන්දිනයක් වේවා..පොසෙයිඩන් උතුමාණෙනි..."

'මොකද මං මෙච්චර ගොත ගහන්නේ? මොකද්ද මට මේ වෙලා තියෙන්නේ?'

"කොහොමහරි..."

ඇය ඉක්මනින් කියන්න පටන් ගත්තා...

"මං බලාපොරොත්තු වෙනවා ඔබතුමා මගේ තෑග්ග පිළිගනීවි කියලා...මෙයින් ඔබට සතුටක් හා මානසික නිදහස් බවක් ලබාදේවි.."

'හරි...මට තියෙන්නේ තෑග්ග තියන්නනේ...මේසේ උඩින් කොතනින් හරි තියමු...

ඇත්තටම එයා දිහා බලන්න වුවමනාවක් නෑනෙ...එතකොට අපහසුතාවයට පත් වෙන දෙයක්---'

"Y/n, එහෙම නේද?"

තරුණ දෙවඟන ඒ හදිසි ප්‍රශ්නයෙන් එක්වරම බයෙන් ගල් ගැසුණා...

Their Goddess ✔️Where stories live. Discover now