Their Goddess ♥️ 05

17 5 2
                                    

Words counted : 783

M/n - Mother's Name
Y/n - Your Name

(Y/n හිතන දේවල් Italics කරලා තියෙන්නේ...)
______________________________________


පොසෙයිඩන් ඉතා විශාල පුස්තකාලයක් තුළ නැවතුණා...Y/n ඔහු අසලින් නැවතුනේ හිතේ ඇති වූ කුතුහලයෙන් මුහුදු දෙවියා දෙස බලද්දීය...

'පොඩ්ඩක් ඉන්න මං මේ එයා දිහා කෙලින් බලනවනේ...මට අවසර නෑනේ එහෙම දෙවියෙක් දිහා කෙලින් බලන්න???

සමහර විට...ඉස්සෙල්ලා මං එහෙම කෙලින් බලපු එක අහුවෙලා ඒකට දඬුවම් කරන්න යනවවත්ද? අනේ දෙවියනේ!!! මට අද මැරෙන්න නම් බෑ...'

පොසෙයිඩන් ඇය දෙසට හැරුණා...ඔහු අත ඔසවද්දී තරුණ දෙවඟන ගැස්සුණේ වේගවත් වේදනාකාරී කම්මුල් පහරක් බලාපොරොත්තු වෙද්දීය...

නමුත්...අවසානයේදී ඇයට දැනුනේ ඇයගේ නළල මත සියුම් සිනිදු ස්පර්ශයක් පමණි...

"මේ වගේ දෙයකට මතකය ඉවත් කිරීම කියන දේ...හරිම වදකාර දෙයක්...ඇත්තටම...ඒ කාන්තාව මට කරදරයක්..."

ඔහුගේ ඒ වචන සමඟ ඇයට ඇයගේ මනසට යම් දෙයක් දැනෙන්නට පටන් ගත්තා...එහි කිසිම අනතුරුදායක බවක් පෙනෙන්නට තිබුනේ නැහැ...එය භයානක දෙවියෙකු සහ බියගුළු දෙවඟනක් අතර සිදුවන සාමාන්‍ය කතාබහක් පමණක් වූවා...

"ඉතින්...ඔයාට හැමදේම මතකද?"

"ඔව්.."

ඇය මුමුණන්නට වුනා...තරුණ දෙවඟන තමා ඉදිරිපිට සිටින දෙවියාගේ ඇස් සමඟ නොගැටෙන සේ තම මුහුණ ඉවතට හරවා ගත්තා...

ඇයගේ හැසිරීම ඔහුට කෝපයක් ඇති වීමට හේතුවක් වුනා...එම ඊර්ෂ්‍යාව ඔහුගේ කෝපයට හේතුවක් වී තිබුනා...එසේම, හේඩීස් නොමැති තැන එම ඊර්ෂ්‍යාව යම්තාක් දුරට වියැකී යන බවද ඔහුට දැනෙන්නට වුනා...

නැවතත් පොසෙයිඩන් තම අත ඉහළට එසවූවා... ඔහුගේ අතැඟිලි ඇයගේ නිකට ස්පර්ශ කර තමාට මුහුණ දීමට හැකි ලෙස දෙවඟනගේ හිස එසවූවා...තරුණ දෙවඟන භීතියෙන් විශාල කරගත් දෑසින් යුතුව ඔහු දෙස බලා සිටියා...

"ඔව්...මොකද්ද?"

"ඔව් පොසෙයිඩන් උතුමාණෙනි..."

Their Goddess ✔️Where stories live. Discover now