Their Goddess ♥️ 04

24 6 0
                                    

Words counted : 850

M/n - Mother's Name
Y/n - Your Name
______________________________________


පොසෙයිඩන් විශාල මණ්ඩපය වෙත පැමිණියේ සියල්ලෝ නිශ්ශබ්ද වෙද්දීය...ඔහු තමා ඉදිරියේ සිටින පිරිස දෙස බැල්මක් හෙළුවේ සතුටකින් නොවේ...ඇත්ත වශයෙන්ම මේ පිරිස ඔහුගේ සිතේ අප්‍රසන්න බවක් ඇති කිරීමට සමත් විය...නමුත් මිනිසුන් ඒ අප්‍රසන්න බවටත් වඩා අප්‍රසන්නය...කැඩෙන බිදෙන සුළුය...

හේඩීස් බියක් නොමැතිව, අතිශය බියට පත්ව සිටින y/nගේ අත තම අතෙහි රඳවාගනිමින් තම ආදරණීය දෙවෙනි සහෝදරයා වෙත පා නැගුවා...

"සහෝදරයා, මං හිතනවා අන් අයව හමුවීම ඔබගේ හිතට සතුටක් ගේන්න ඇති කියලා..."

පොසෙයිඩන්ගේ දෑස් හේඩීස් වෙතද, ඉන්පසු y/n වෙතද යොමු වන්නට විය...ඔහුගේ මනසේ යම් දෙයක් ක්‍රියාත්මක වන්නට විය...

"නැහැ..."

y/nට එතැනම මියදෙන්නට නොසිතුණා නොවේ...ඇය සත්‍යයෙන්ම දැනෙන්නට පටන් ගත්තා පොසෙයිඩන්ගේ අසතුටට හේතුව තමන් බව...සමහර විට තමන්ව හදුන්වාදෙන අතරතුර ඔහුගෙන් හුඟක් ඈත් වී සිටීම නිසා වරදක් වූවාද?

ඒ බව ඇය බලාපොරොත්තු වූවාය...

"හරි මේ බලන්න...ඔයාට m/nගේ දුව අන්තිමේදී  හම්බවෙන්න ඇති..."

"මං එකවතාවක් ඇයව හම්බවෙලා තියෙනවා..."

"හම්බවෙලා තියෙනවා?"

M/nගේ දෑස් මඳ දීප්තියකින් දැල්වෙන්නට විය...ඇයගේ සිත අතීතය මතක කරන්නට විය...

"මට මතක හැටියට...පොසෙයිඩන් වතාවක් මාව හමුවෙන්න ආවා...මේ...මගේ ධීවර පෙම්වතා සමඟ ඇති වූ පොඩි ආරවුලක් නිසා මුහුදේ ප්‍රශ්නයක් ඇති වුනා...
ඉතින්...පොසෙයිඩන් පැමිණි විටදී y/nට වුවමනා වුනා පැමිණියේ කවුදැයි දැනගන්න..."


"Uhm...අම්මා..."

"ඔව් මගේ දරුවෝ.."

"ම-මට එහෙම දෙයක් මතක නෑ නේ..."

"ආහ්...ඔව්...ඒ මොකද කියනවනම් මට ඕනි වුනේ නැති නිසා...මට ඕනි වුනේ නෑ ඔයා කවුරුත් හම්බවෙනවට...කා එක්කවත් කතා කරනවට...යාළුවෝ හදාගන්නවට...මට අනුව නම් කිසිම කා සමඟවත් සම්බන්ධතාවයක් නැති පරිපූර්ණ දුවෙක්...ඔයා හරිම පිරිසිදුයි...ඔයා දිහා බලන්නවත් මේ ලෝකය වටින්නේ නැහැ...."

Their Goddess ✔️Where stories live. Discover now