පලමු කොටස

1.2K 113 13
                                    

මිනිස්සු ආස මවන දේවල් වලට වඩා දැනෙන දේවල් එක්ක ජීවත් වෙන්න...!

ඉතින් මාත් හරි ආසයි එහෙම ජීවිතයක් ගෙවන්න...ලෝකය අපේ ඇස් ඉදිරියේ මවලා පෙන්වන දේවල් වලට වඩා කෙනෙක් අපිට දැනෙන්න කරන දෙයකට මම හරිම ලෝභයි...මිනිස්සු ලෝභකම් කරන්නෙ තමන්ට අත්හරින්න බැරි එක තැනක් ලඟදි විතරයි ඉතින් ඒ තැනදි මිනිස්සු හරි හරියට නොදැනීම ආත්මාර්ථකාමී වෙනවා...

මමත් හරි ආසාවෙන් ලෝභකම් කරපු හිතක් තියෙනවා...මම හරි ලෝභයි ඒ උණුසුමට,ඒ හිනාවට,ඒ වචන වලට,ඒ ගැහෙන හදවතේ ශබ්දයට...තව තව මහමෙරකට මම හරි ලෝභයි එයාගේ...

ජීවිතේ වැඩිහරියක් අපි ගොඩක් අය ලඟ නතර වෙලා ආයෙ හැරිලා එනවා ඒත් ජීවිතේට එක්කෙනෙක් එනවා අපි එතන නැවතුනොත් ආයෙ හැරීමක් හිතන්නවත් බැරි...මමත් එහෙමයි!

මම මියුරු, මියුරු නෙතුසිහින ගමගේ...වාසගමක් තිබුනට කවදාවත් ඒකෙ මුල් අයිතිකරු මගේ ඇස් ඉදිරියේ මම දැකලා නැහැ...ඔව් මගේ අප්පච්චි...අම්මා කියපු විදියට තිලක් ගමගේ...මම ඉපදෙන්නත් කලින්ම මේ ලෝකෙන් ගිහින්...අම්මා ගාව තිබ්බ පරණ බොඳ වුන මගුල් පිංතූර කෑල්ලෙ හිටපු පිරිමි පරානේ...මම මගේ අප්පච්චිව දැකලා තියෙන්නෙ අම්මගෙ කොට්ටෙ යට උණුසුම විඳපු ඒ පිංතූර කෑල්ලෙන් විතරයි...

අප්පච්චි අම්මට වගේම කුසේ හිටපු මටත් හරි ආදරෙයිලු ඒ කාලේ...ඒකයි අම්මා දරුවෙක් එක්ක තනිකොරලා ගියා කියලවත් වෛර නොකර ඉන්නෙ...මගුල් පිංතූරේ අප්පච්චි හරි ආදරෙන් මයේ අම්මා දිහා බලන් ඉන්නවා මාස පහක් වුන කුසටත් අත තියාන ඉතින් ඒකයි අදටත් මම කට පුරා ඒ පිරිමියාට අප්පච්චි කියන්නෙ...

මට අවුරුදු දහඅටයි...අවුරුදු ගානක් මයේ අම්මා මාව බලාගත්තා...දුක් වින්දත් මට හරි ආදරේ කරා...අන්තිම මොහොත වෙනකනුත්...

ඔව්...මගේ අම්මා මාව දාලා යන්න ගියා...මට මගේ කියලා හිටපු එකම කෙනා,මගේ පවුල...අම්මට පිලිකාවක් තිබ්බා හොඳ කරන්න බැරි අඩියටම වැටිලා එහෙම තමයි අම්මව බැලුව දොස්තර මහත්තයා කිව්වෙ...කිව්වා එයාව දැන් සතුටින් තියන්න කියලා...

දුරුතු සඳ Where stories live. Discover now