තිස්වන කොටස

369 67 49
                                    

"ඉතින් ඉතින් මිස්ටගෙ නම?"

බාර් එක ඇතුලෙ වාඩි වෙලා විස්කි ග්ලාස් එකක් අතේ තියාගෙන හිටපු තරුණිය තමන් ඉස්සරහම ඉන්න බීමත්ව ඉන්න තරුණයාගෙන් ඇහුවා...

"න නම ද? හහ්හා හහ්හා නම"

තරුණයා බීමත්ව මේ හැසිරෙනෙ විදියට තරුණිය කොහෙත්ම කැමති වුනේ නැ...ඇස් රෝල් කරලා අහක බලපු අය තවත් විස්කි උගරක් බිව්වා...

"හහ්හා...ඔය තරම් බොන්න මිස්ට ලොකු ප්‍රශ්නෙක ඉන්නවා වගේ"

මත් බව නිසාම ඔලුව බිමට නවාගෙන ඉන්න තරුණයාට තවත් ලං වෙලා ඇය ඇහුවා...අහපු දේට කටකොනින් හිනා වුන තරුණයා තරුණිය දිහා බැලුවා...

"කාටද ඉතින් ප්‍රශ්න නැත්තෙ මැඩම්"

"චහ්"

තරුණයා බීමතින් හිනා වෙලා තමන්ගෙ ලඟ ඉන්න කෙල්ලගෙ නිකට ට තට්ටුවක් දැම්මා...තරුණියත් අප්පිරියාවෙන් අහක බලාගත්තෙ කැමති නැති නිසාම...

"හ්ම්ම් මේ අහන්න මිස්ටර්...මට පුළුවන් ඔයාට හෙල්ප් කරන්න බට් මට ඔයාගෙ විස්තර දැනගන්න ඕන"

තරුණිය සරාගී විදියට විස්කි උගරක් බොමින් තරුණයා දිහා බලාගෙන හිටියා...

"එ එතකොට මැඩම්ගෙ නම මොකක්ද?"

"ඊට කලින් තමුන් කියනවා"

"ඔහ් ඕකේ ඕකේ...හහ්හා මගේ නම...විදුරංග කවීෂ්"

"මම නෝරා ෆ'නෑන්ඩො"

නෝරා...අන්තිමට බාර් එකක් ඇතුලෙ නෝරා වගේම විදුරංගත් එකට වාඩි වෙලා හිටියා...ඒත් දෙන්නගෙන් එක්කෙනෙක්වත් දැනගෙන හිටියෙ නැ එයාලා කාගෙ කවුද කියලවත්...දෙන්නටම දෙන්නම නිකන්ම නිකන් ආගන්තුකයන් විතරක් වුනා...ඒක සමහර විට මේ මොහොතට විතරක් වෙන්න පුළුවන්...

"නෝරා ම්ම්ම් ලස්සන නමක්නෙ මැඩම්"

"ඔය මැඩම් කියන එක නවත්තනවා අයිසෙ...නෝරා කියනවා"

"හහ්හා හහ්හා හොඳයි හොඳයි"

විදුරංග පිස්සෙක් වගේ නිතරම හිනා වුනා...විදුරංග හිටියෙ නැගිටගන්නවත් බැරි තරමට බීලා...අඩුගානෙ තමන්ගෙ ලඟ කවුද ඉන්නෙ කියන එක ගැනවත් හිතන්න තරම් මානසික මට්ටමක විදුරංග හිටියෙ නැහැ...

දුරුතු සඳ Where stories live. Discover now