දහඅටවන කොටස

414 88 80
                                    

මියුරු හෙමීට ඇස් අරින්න උත්සහා කරා...ඒත් ඒ ඇස් ඇරගන්න බැරි තරමටම තදටම පියවිලා ගිහින් තිබුනා...ඔලුවෙන් දැනෙන දරාගන්න බැරි වේදනාවත් එක්ක මියුරු ඔලුව අල්ලන්න අත ගෙනියන්න හැදුවත් ඒකත් කරන්න බැරි වුනේ ඒ කැනියුල එක ගහපු අත නිසා...හිමින් හිමින් ලොකු උත්සහයකින් මියුරු එයාගෙ ඇස් දෙක යන්තම් ඇරලා ඇස් වලට වැටුන සැර ලයිට් එලිය නිසාම ආයෙමත් ඇස් පියා ගත්තා...ආලෝකයට හුරු වුන ඇස් ආපහු ඇරපු මියුරු ඒ ඇස් අරන් ගියේ තමන් ඉන්නෙ කොහෙද කියලා බලන්න...තමන් ඉන්න තැන වටපිටාවෙන්ම මියුරු දැනගත්තා ඒක ඉස්පිරිතාලයක් කියලා...වටපිටාවට ඇස් අරන් ගිය මියුරු දැක්කෙ පොඩි ස්ටූල් එකක වාඩි වෙලා ඇඳට ඔලුව තියාගෙන නිදාගෙන ඉන්න විනුර...

මියුරු ආයෙමත් ඉස්සරහා බලාගෙන කල්පනා කරන්න ගත්තා...වුන දේවල් කිසිම දෙයක් හිතන්න ඕන වුනේ නැති වුනත් ඒ හිතට නිතරම වගේ ඒ දේවල් හිතුනා...මැවී මැවී පෙනුනා...ඒත් ඇස් වල කඳුලු හලන්නවත් හැඟීම් ඉතුරු වෙලා නැහැ...ඒ ඇස් මැරිලා ගිහින් තිබුනා...බලාපොරොත්තු නොවී බලාපොරොත්තු වුන දෙයක් සිද්ද වුනාම මියුරුට පවා හිතාගන්න බැරි වුනා මොනවා කරන්නද කියලා...ලොකු හුස්මක් පාත හෙලුව මියුරු ආයෙමත් ඇස් වහගත්තා...

ඇයි මිනිස්සුන්ට බැරි තමන්ගෙ වටේ ඉන්න අනිත් අයත් එයාලා වගේම ආදරේ කරුණාව රැකවරණය බලාපොරොත්තු වෙන මිනිස්සුමයි කියලා හිතන්න...

ආදරේ කරන එක වරදක්ද?

ආදරේ කරන අය නොසෑහෙන්න වේදනා විදිනවා...හරියට ඒක ඒ අයට ලබාදුන්න සාපයක් වගේ...ආදරේ කරන මිනිස්සුම ඇයි මේ තරම් විඳවන්න ඕන?ආදරේට නිගා කරන අය ඕනතරම් සතුටින් ජීවත් වෙනවා මේ ලෝකේ...ඒත් ඒ කිසිම කෙනෙක්ට කිසිම වේදනාවක් නැහැ...ආදරය විතරක්ම බලාපොරොත්තු වෙන අයම හැමදාම මැරී මැරී ඉපදුනා...

කල්පනා ලෝකෙක ගිලිලා හිටිය මියුරු තකහනියෙ ඇස් ඇරියෙ දෙයක් මතක් වෙලා...ඇරපු ඇස් හැමතැනටම කලබලෙන් වගේ ඇස් අරන් ගියේ කාව හරි හොයන්න...ඒත් වටේම බැලුවත් තමන් බලාපොරොත්තු වුන රූපේ එයාට හොයාගන්න බැරි වුන නිසාම මියුරු තවත් කලබල වුනා...

දුරුතු සඳ Where stories live. Discover now