විසිනවවන කොටස

305 73 62
                                    

"මේ දැන්ම ඔය දරුවා නෙතූගෙ අතට දෙනවා!!!"

මම ගැස්සිලා ගියා...මම විතරක් නෙවෙයි මෙච්චර වෙලා යකෙක් වගේ හැසිරුන විදුරංගත් ගැස්සිලා ගියේ එයාගෙ කටේ සද්දෙට...

මේ මොහොතෙ මගේ ඉස්සරහා ඉන්න කෙනාව මම කීයටවත් බලාපොරොත්තු වුනේ නැහැ...විදූෂ මහත්තයා මට කිව්වා එයා පුතයි නෝරා නෝනයි එක්ක ගමනක් ඇවිත් ඉන්නෙ කියලා...ඒත් දැන් එයා මේ මොහොතෙ මගේ අපි ඉස්සරහා හිටගෙන ඉන්නවා...ඒ ඇස් ගිණි ගහලා වගේ රතු වෙලා...ඒ කේන්තියට...ඒ නහර පිරුන අත් වල කොලපාට නහර තව තවත් ඉලිප්පිලා පෙනුනා...මට බය හිතුනා...ඒ ඇස් දිහා කෙලින් බලන්න මට පුළුවන්කමක් නැති නිසාම මම බිම බලාගත්තා...

"උබ? උබ මොනවද මෙහේ කරන්නෙ?"

"හහ්...ඇයි තමුසෙ බය වුනාද?"

"මියුරු!!උබද මූට කෝල් කරේ?!!"

විදුරංග මහ හයියෙන් කෑ ගැහුවා...දරුවා හොදටම අඬනවා...මම සෘජුව විදුරංගගෙ ඇස් දිහා බලන් හිටියා...

"ඔව්!"

දුර්වල කටහඬ වෙනුවට මම ශක්තිමත්ව කතා කරා...එයා ආවම මගේ ඇගට මෙච්චර වෙලා නොතිබුන අමුතුම විදියෙ ශක්තියක් ආවා...මට ඕන වුනේ නැහැ මහත්තයට පෙන්නන්න මම දුර්වලයෙක් කියලා...

මම ඔව් කිව්ව ගමන්ම විදුරංගගෙ ඇස් ඕනවටත් වඩා කේන්තියෙන් පිරුනා...

"දැන් දැනගත්තනෙ...ඉතින් දැන් දරුවව නෙතූගෙ අතට දෙන්න"

මහත්තයා හරිම සන්සුන්ව කතා කරා...මම දන්නවා මහත්තයා මෙහෙම සන්සුන්ව ඉන්නවා කියන්නෙ විදුරංග තවත් මුරණ්ඩු වුනොත් එදා වගේම හොදටම මෙයාට ගහනවා කියලා...

"නැ මම දෙන්නෙ නැ මොකද මේ මගේ දරුවා මගේ ලේ!"

"හරි තමුසෙගෙ තමයි ඒත් දරුවො දෙන්නගෙ ඇගේ උබේ කුනු ලේ දිව්වට ඒ දරුවො කවදාවත් උබට අයිති වෙන්නෙ නැ!"

මහත්තයා කට කොනින් හිනා වුනේ විදුරංගගෙ ඇස් වල වාං දාන කේන්තිය දැක දැකමයි...මහත්තයට ඕන ඒ කේන්තිය බලන්න...

"නෙතූ! මේ දරුවා ගන්න ඇවිත්!"

මම මහත්තයා දිහා ඇස් ලොකු කරගෙන බලාගෙන හිටියා...මම කොහොමද ඒක කරන්නෙ? මෙච්චර වෙලා මම කරන්න උත්සාහ කරෙත් ඒක ඒත් විදුරංග මට ඒක කරන්න ඉඩ දෙන්නෙ නැ...මම ඇස් ලොකු කරන් බලන් ඉන්න නිසාම එයා මට යන්න කියලා සන් කරා...මම හිමින් සැරේ අඩි තියලා විදුරංග ලගට කිට්ටු වුනා විතරයි මෙච්චර වෙලා අඩඅඩ හිටිය කෙලි පොඩ්ඩ මගේ ඇගට පනින්න දැගලුවා...

දුරුතු සඳ Where stories live. Discover now