තුන්වන කොටස

510 85 49
                                    

"මල්ලි මම එන්නද?"

මම හිටියෙ ඉස්පිරිතාලෙ ඉස්සරහා...අද දොස්තර මහත්තයා මුනගැහෙන්න තියෙන දවස...දැන් වෙලාවත් උදේ අටයි හරියටම...

"එපා අයියේ කමක් නෑ,මට පුළුවන්"

උදේ හතට විතර ගෙදරින් එලියට බැස්සෙ බස් එකේ යන්න...ටවුමෙ ඉදන්  යන්න මහ වෙලාවක් යන්නෙ නැති වුනත් මම වේලාසනින් එලියට බැස්සෙ සතීෂ අයියා එන්න කලින්...නැත්නම් එයා මාව ඉස්පිරිතාලෙ එක්ක යනවා එයාගෙ වැඩත් පාඩු කරගෙන...නැත්නම් වීල් එකක් කතා කරලා දෙනවා අපරාද සල්ලිනේ...දැන් වීල් එකකට කීයක්නම් ගන්නවද...

ඒත් මුඩුක්කු පාරෙන් මහපාරට වැටුන ගමන් සතීෂ අයියා එනවා...මම කොටු වුනා ඉතින්...සතීෂ අයියා දන්නවා මට දොස්තර හම්බවෙන්න තියෙන දවස් මටත් වැඩිය හොඳට...

මම එයාගෙ මුන දිහා බලන් ගොන් හිනාවක් දැම්මත් පාර කියලා බලන්නෙ නැතුව මට බැනගෙන බැනගෙන ගියා...ම්හ්ක් මහ හොඳ නෑ අනේ එයා...

ඊට පස්සෙ තමයි එයාගෙ බොක්කෙ යාලුවෙක් වුන කවිඳු අයියගේ වීල් එකේ මාව යැව්වෙ...කවිඳු අයියා මාව දන්නවා...සතීෂ අයියා එක්ක අපේ අහ ඇවිත් පවා තියෙනවා...හිත හොඳ එකා...

"හරි මල්ලි පරිස්සමින්,මල්ලි එලියට ආවම මට කෝල් එකක් දාපන්කෝ"

"හරි අයියෙ"

කවිඳු අයියා එයාගේ වීල් එකත් හරවන් ගියාම මම ඉස්පිරිතාලෙ ඇතුලට ආවා...මම අද ආවෙ ස්කෑන් එකක් කරගන්න කියලා හිතාගෙනමයි...මට දැනගන්න ආසාවක් ආවා මේ කෙල්ලෙක්ද නැත්නම් කොල්ලෙක්ද කියලා...මම බලාපොරොත්තුවෙන් යන්නෙ කොල්ලෙක්ව...කෙල්ලෙක් වුනත් හොඳයි ඒත් මේ තනි මට ගෑනු ලමයෙක් නඩත්තු කරන්න හරි බයයි...කෙල්ලො කියන්නෙ රෝස මල්...ඒ පෙති තැලෙන්නෙ නැති වෙන්න,හැලෙන්න නොදී රැක ගන්නවා කියන්නෙ ටිකක් අමාරු වැඩක් මොකද ඔය මුඩුක්කු අස්සෙ ඉන්න උන් මට ඒ තරමට විශ්වාසයි...ඒත් කෙල්ලෙක් වුනත් මම එයාව බලාගන්නවා...

මම එයාගෙන් ඉල්ලුවෙත් කෙල්ලෙක්...මම හරි ආස කරා එයා වගේ දුවෙක්ට...බොරු කියන්න ඕන නෑනේ දැනටත් මම ආසයි මේ කුසේ ඉන්න එකා එයා වගේම වෙනවට...

දුරුතු සඳ Where stories live. Discover now