විසිහතරවන කොටස

359 70 53
                                    

"අනේ මහත්තයා කොහේද කියන්නකො මාව මේ එක්කගෙන යන්නෙ?"

"ටිකක් ඉන්නකො නෙතූ"

අනේ මන්දා මේ මහත්තයා මොනවා කරනවද කියලා...උදේම අපේ ගෙදර ආපු මෙයා මාවත් ලෑස්ති කරන් දරුවවත් සතීෂ අයියගෙ අම්මා රේණු නැන්දා ගාව තියලා ආවා...කොහේ යනවද කියලා කිව්වෙත් නැ...

කඩේකින් නවත්තලා කෑමත් කෑවා...දැන් ආයෙ ඇවිත් කාර් එකේ යනගමන්...මම මේ පැත්තෙ ඇවිත් තියේ ඒත් අම්මා එක්ක තමයි...බලමුකො කොහෙද යන්නෙ කියලා...

ටික දුරක් යද්දි මහත්තයා එයාගෙ ෆෝන් එක අතට ගත්තා...

ඇත්තමයි මහත්තයා තනි අතින් වාහනේ එලවනකොට ඒක මාරම ගති...පට්ටයි...ඒ නහර පිරුණු අත දැක්කම මට නිකන් කිචි කිචි වගේ...ඇයිද මන්දා ඒකත් මේ ලගකදි ඉදන්...අනේ අනේ දෙවියනේ මියුරු ලමයා නරක් වේගන වගේ එන්නෙ ම්හ්ක්...

"Hellow"

"නැනී සුදු පුතා කෑවද?"

"අහ් එහෙනම් කමක් නැ...දැන් කෝ?"

"ඉන්නවද කෝ දෙන්න බලන්න සූටියට"

"මැණික තාත්තා කතා කරන්නෙ~"

ඇත්තමයි මහත්තයා දරුවන්ට පුදුම තරම් ආදරෙයි...ඉතින් ලමයින්ටත් ඕන ඒකම නෙවෙයිද...තාත්තෙක්ගෙ ආදරේ තමයි ලමයි බලාපොරොත්තු වෙන්නෙ මොකද අම්මා නිතරම ආදරේ පෙන්නනවා ඒත් තාත්තා එහෙම නැහැලුනේ ඒක නිසා...ඒත් මහත්තයා එහෙම දුවට පුතාට කියලා ආදරේ වෙනසක් නැහැ...ආදරේ හන්ගන් ඉන්නෙත් නැ...

"ඕ ඕ මැණික...තාත්තා ඉක්මනටම එන්නම් හොදේ~"

"මේ අම්මත් ඉන්නවා"

මහත්තයා මගේ අතට ෆෝන් එක දුන්නා...මම හිනා වෙලා ඒක කනේ තියාගත්තා...

"සුදු පුතේ~"

අනේ අම්මේ බලන්න එපැයි මගේ කටහඩ ඇහුන ගමන් කොල්ලගෙ සතුට...දැන්නම් කොල්ලා උඉ පනින තරමට නැනීත් කෑ ගහනවා වැටෙයි ගගා...අනේ අනේ

"අනේ මැණික දගලන්න එපා අම්මා එන්නම්කො මගේ සුදු පුතාව බලන්න"

මම ඉතින් ටිකක් කතා කරලා මහත්තයට දුන්නා...

"හරි නැනී එහෙනම් මම තියන්නම් පුතා එක්ක පරිස්සමින් ඉන්න"

දුරුතු සඳ Where stories live. Discover now