විසිතුන්වන කොටස

349 73 73
                                    

ඒ ලස්සන දවසින් පස්සෙ දවස් දෙකක් ගෙවිලා ගිහින් තිබුනා...මතක් කරත් මූනට හිනාවක් ගේන ඒ වගේ දවස් ආයෙ මගේ ජීවිතේට ඒවිද නැත්ද කියලා මමවත් දන්නෙ නැ...ඉතින් ඒ නිසාම මගේ ලඟ ඒ දවසෙ ලස්සන මතක සටහන් ෆෝන් එකේ ගැලරි එකේ පිරිලා තිබුනා...නිතර නිතර මම කරේම ඒවා දිහා බලාගෙන හිනා වෙන එක...දැනුත් මම කරන්නෙ ඒක...ඒ හිනාව දැක්කම මට හිනා නොවී ඉන්න අමාරුයිනේ...පුතාවත් වඩාගෙන ගත්ත පිංතූරෙන් ඕනවටත් වඩා ලොකු හැඟීමක් මගේ හිතේ ඇති කරනවා...

පුතාවත් වඩාගෙන ගත්ත පිංතූරෙන් ඕනවටත් වඩා ලොකු හැඟීමක් මගේ හිතේ ඇති කරනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එදා පුතාව අරන් ගෙදර එන්න හැදුවම අම්මයි පුතයි දෙන්නම නොසෑහෙන්න ඇඩුවා...කෑ ගහලා ඇඩුවෙනම් මේ කොලුපැටියා තමයි...එයා මෙහේ ගෙනාවට අම්මගෙ ආදරේ සෙනෙහස එයාට ඕන...නෝරාගෙන් පුතාට ඒ දේවල් ලැබෙන්නෙ නැ...දරුවා මම නැති ටිකට හරි අඬන්නෙ නැතුව ඉන්නෙ නැනී නිසා...

එදා මම පුතාවත් අරන් ගෙදර එද්දි නෝරා කොළඹ ගිහින්...තාම ආවෙ නැ...කෝල් කරලා ඇහුවම කිව්වෙ කම්පනි එකේ වැඩ වලට ආවා දවස් දෙකක් එන්න වෙන්නෙ නැ කියලා...ඉතින් අද තුන්වෙනි දවස...අද ඒවිද නැත්ද මමවත් දන්නෙ නැ...

"අම්මයි පුතයි දෙන්නම එකම වගේනෙ ඉතින්"

මට ලෝභ හිතුනා...නොසෑහෙන්න ලෝභ හිතුනා...එක පිංතූරෙක පුතාවත් වඩාගෙන අනිත් එකේ දුවවත් වඩාගෙන ඉන්නකොට එයාගෙ මූනේ තිබුනෙම හිනාව...ඉතින් දැන් නෙතූගෙ සතුට තියෙන්නෙ එයා සතුට හොයන්නෙ එයාගෙ ලමයින්ගෙන් විතරයි...ඒත් මට පුළුවන් එයාව පුංචි කාලයක් හරි සතුටින් තියන්න...එයා තාම ඉගෙනගන්න වයසෙ...මට ඕන එයාට උගන්නන්න...ඒ වෙනුවෙන් කරන්න පුළුවන් හැම දෙයක්ම මම කරන්න උත්සාහ කරනවා...

පිංතූරේ දිහා බලාගෙන හිටිය මම එලිය පැත්තට ඇස් අරන් ගියේ ගේට් එක ඇරෙන සද්දෙට...නෝරා ඇවිත්...මම ආයෙමත් බලබල හිටපු පිංතූරෙට අවදානය යොමු කරා...

දුරුතු සඳ Where stories live. Discover now