විසිහත්වන කොටස

311 68 30
                                    

සතියකට පමණ පසු...

අවුරුදු ඉවර වෙලා සතියක් විතර ගෙවිලා ගියා...දැන්නම් ඉතින් අවුරුදු වලට වෙනස් වුන හැමදේම වෙනදා වගේම වෙනස් වෙලා...ඉස්සර පුංචි කාලෙ අවුරුදු ලබනවා කියන්නෙ ආයෙ ඉතින් එතනින් එහා කිසිම දෙයක් ඕන නැ...ඒ දවස් වලට දැනෙන්නෙ පුදුම තරම් සතුටින් පිරුනු හැඟීමක්...අවුරුදු ඉවර වුනාමත් හරිම දුකින් ඉන්නවා මූනු එල්ලගෙන....

ඒත් ඒකට දැන්...අවුරුදු ලැබුවත් නැතත් කිසිම හැඟීමක් දැනෙන්නෙ නැ...ඒවා ගොඩක් වෙනස් වෙලා...

උදේම නැගිටලා උයලා ඉවරවෙලා...දුවත් නැගිට්ටම එයාටත් කවලා පොවලා ඇග සෝදවලා ඉවර කරලා...එයත් එක්ක ඉතින් කෝලම් කරන්න මමත් ඉන්න ඕනනේ...ඉතින් සෙල්ලම අස්සෙම කෙලි පොඩ්ඩට බඩ පිරුනු නිසාම ආයෙ නිදාගත්තා...මම ඉතින් මේ මිදුල අතුගාන්න ගත්තෙ ඊයෙත් බැරි වුන නිසා...

මම ඉතින් කල්පනවා අතරින්ම මිදුල අතුගෑවා...

හරිම පාලුවක් දැනෙනවා...මහත්තයා එදා අවුරුදු වලට ඇවිත් රෑ ඉදලා පහුවදා දවල් වෙන්න ගියා...ඒ ගියා ගියාමයි මහත්තයා තාමත් ආවෙ නැ...කෝල්නම් කරා ඒකත් දවස් දෙකකට කලින්...විනුර අයියගෙන් ඇහුවම කිව්වෙ වැඩ වලට කොළඹ ගිහින් කියලා...එයා වැරදියි...ගිය එක නෙවෙයි ඒත් එයාට තිබුනා යන්න කලින් මට කියලා යන්න...මම කොච්චර බය වෙලාද හිටියෙ...විනුර අයියා කියනකන් මම දන්නෙවත් නැ...

ඉතින් මට කේන්තිත් එක්ක...හහ් ආයෙ ඒවිනෙ ඉතින් නෙචූ ගාගෙන කතා කරන්නැ වචනයක්...මූනවත් බලන්නැ ආපු විදියකට ඉන්නෙ නැතැයි...මෝඩයෙක්...

සේරටම වඩා මට හරිම පාලුයි...දුව ඉන්නකොටනම් එයා එක්ක කතා කරකර සෙල්ලම් කරකර ඉන්න පුළුවන් ඒත් එයත් නිදාගත්තම හරිම කම්මැලියි...

අතුගාලා ඉවර කරලා මම ඉදලා පිලිකන්න පැත්තෙන් තියලා අඹ ගහ යට බංකුවෙන් ඇවිත් වාඩිවුනා...

"හ්ම්ම්ම්"

අම්මෝ දාඩිය...දැන්නම් ඇග සෝදගන්න ඕන...

මම කල්පනා කරන්න ගත්තා...හැමදෙයක් ගැනම...මම දන්නෙ නැ මහත්තයා නිසා මට මොකක් වෙලාද කියලා...එදා මහත්තයා අපේ ගෙදර නැවතිලා අපි එක්ක එකට නිදාගත්ත දවසෙ ඇත්තමයි මට ලොකු සතුටක් දැනුනා...මට හැමදාමත් එයා එක්ක ඉන්න හිතුනා...මට ලස්සන පවුලක හැඟීම දැනුනා...ඒ හැඟීම කවදාවත් මට දැනුන දෙයක් නෙවෙයි...

දුරුතු සඳ Where stories live. Discover now